''අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න තියා දැන් අපිට හරියට කන්න බොන්නවත් නෑ'' දක්ෂ දියණියගේ පිළිකාව නිසා අසරණ වුනු පවුලේ සංවේදී කතාව !

පිළිකා  රෝගී තත්ත්වය නිසා පිඩා විඳීන තම දියණියට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තමන් හට නිසි වත්කමක් නොමැති නිසා හැකි අය සිටිනම් එසේ උදවු උපකාර ලබා දේන ලෙස එම දරුවාගේ දෙමාපියන් ඉල්ලා සිටිනවා. මෙලෙස රෝගාතුරව සිටින්නේ  අම්බලන්තොට සියඹලා ගස්විල උතුර වසමේ  පදිංචි ජි .ඒ .සචින්තා ප්‍රබෝධි නැමති අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ 06 වන
ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබමින් සිටි දක්ෂ ශිෂ්‍යාවක්.

දරුවන් හතර දෙනෙකුගේ පවුලේ දෙවන දරුවා වන සචින්තා ප්‍රබෝධිගේ මෙම අසනීප තත්වය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අනාවරණ වී ඇත්තේ 2008 වර්ෂයේ මැයි මාසයේදී  වන අතර ඉන් පසු මහරගම රෝහලේදී ශල්‍ය කර්මයක්ද සිදු කර තිබෙනවා. ඉන් අනතරුව තම දරුවා හට අතුරු ආබාධ රැසක්ද ඇතිවූ බවයි රෝගී දරුවාගේ මව  එම්.පි.ශිරානිද සිල්වා කියා සිටියේ.

මෙම තත්වයත් සමඟ තමන් මුහුණ පා සිටින ගැටළුව ඇය මෙලෙස ප්‍රකාශ කළා.

 ''උණ හැදිලා ඉස්පිරිතාලෙ නැවැත්වුවාට පස්සෙ දොස්තර මහත්වරු පරීක්ෂණ කරලා කිවුවා පිළිකාවක් කියලා. ඊට පස්සෙ ඔපරේෂන් එකට මහරගම යැවුවා. මහරගමින් ඔපරේෂන් කළා. ඒකෙන් පස්සෙ දරුවට දැන් අතුරු ලෙඩවල් කීපයක් එනවා. දැන් අපි නිතරම මහරගම යන්න ඕන සායනවලට. දැන් දොස්තරවරු කියනවා අක්මාවෙත් ඒ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා කියලා.''

''අපි ගොඩක් දුප්පත් මිනිස්සු ළමයින්ගෙ අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න තියා දැන් අපිට හරියට කන්න බොන්නවත් නෑ. මේ දවස් ටිකේ  අපිට කන්න බොන්න සැපයුවේ ගමේ ඉන්න අසල්වාසීන් තමයි. අපි එච්චර ආර්ථික ප්‍රශ්න මැද්දෙ වැටිලා ඉන්නෙ‘‘

 ''අපිට ජීවත් වෙලා මේ දරුවව ගොඩගන්න කවුරුහරි උදව් කරනව නම් සෑහෙන්න පින් සිද්ධ වෙනවා. අපේ දරුවන්ට උගන්වන්න විදියක් නැතිව ඉතාම අසරණ තත්වයට වැටිලා තියෙන්නෙ. පුළුවන් නම් කවුරුහරි අපිට උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා.''

දරුවන්ගේ පියා හටද ස්ථිර රැකියාවක් නොමැති නිසා ඉතා අගහිඟකම් මැද ජිවත්වුනද මෙම පවුලේ  දරුවන් මේ වන විට දක්ෂව අධ්‍යාපන කටයුතු වල නිරතවෙමින් සිටිනවා.

දක්ෂ දරුවෙකු උවත් මෙම රෝගී තත්වය හමුවේ දියණියගේ අධ්‍යාපනයද මේ වන විට බිද වැටි තිබෙන්නේ මෙම රෝගය සදහා නිසි අයුරින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සදහා මෙන්ම බෙහෙත් සදහා අවශ්‍ය මුදල්ද නොමැති වීම නිසාය. මේ හේතුවෙන් අැයගේ ජිවිතයද යම් අවධානමක පවතින නිසා තමන්හට උදවු කිරීමට කැමති අයෙකු සිටිනම් 0714878164 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස දරුවාගේ පිය වන සංජය ප්‍රසත් කුමාර ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.


gossip lanka