නිදි පැදුරේ සිටි දියණියව මරා දමා නිසල සිරුර ළඟ පහන් දල්වා රැය පහන් කළ මව

ජීවිතේ හැමෝටම හීන තියෙනවා. ඒවා ඉෂ්ට කරගන්න ගොඩක් අය කැපකිරීම් කරනවා. ඕනෑම කාන්තාවකට තියෙන ලොකුම හීනයක් තමයි මව් පදවිය ලබන එක. ඒ හීන දවසක ඉෂ්ට වුණත් ඇතැම් මව්වරු තමන්ගේ ලෙයින් වදාපු දරුවන්ව මහ මඟ අතහැරලා යනවා. තවත් සමහරු දරුවන්ව අමානුෂික ලෙස මරා දමනවා. ඒ වගේ ශෝකනීය පුවත් නම් අපට නිතර අසන්න ලැබෙනවා. තවත් ඒ වගේ ශෝකනීය පුවතක්  ගම්පොළ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.

තම සැමියාත් නොමැතිව වසර 45 ක කාලයක්
තිස්සේ රැකබලා ගත් තම ආබාධිත දියණියට පොල්ලකින් ගසා අමානුෂික ලෙස මරා දමා පසුව දියණියට ගිනි තැබූ 67 හැවිරිදි වයෝ වෘද්ධ මවක්‌ ගම්පොළ පොලිසිය මඟින් පසුගිය 19 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොළ - ඩාට්‍රිවත්ත ප්‍රදේශයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ කෝවිල්ලමුල්ලේ ගෙදර මේරි නෝනා නමැති 45 හැවිරිදි ආබාධිත කාන්තාවයි.

මියගිය දියණිය සහ ඇගේ මව තනිවම මෙම ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත්ව ඇති අතර තම දියණිය වූ මේරි නෝනා මැරීමට සැක පිට ඇගේ මව වන ලෝරි නෝනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

දියණියට කුඩා කලදී සිදු කරන ලද එන්නත් කිරීමකින් පසු තම දියණිය ආබාධිත තත්ත්වය පත් වූ බවත් කාලයක් තම දියණියට දැඩි සෙනෙහසකින් සිටි බවත් ඇය පොලිසිය හමුවෙ ප්‍රකාශ තිබෙනවා.

තවද පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තම දියණිය 18 වනදා උදෑසන මරා දැමූ බවත්ය.

දියණිය ඇඳේ නිදා සිටියදී උදලු මිටකින් පහර දී ඇති අතර, පසුව බිමට ඇද දමා රෙදි කැබලි ආදිය සිරුරට දමා ගිනි තබා තිබෙනවා. සිරුර සම්පූර්ණ පිළිස්‌සී නොමැති නිසා පසුව 18 දා රාත්‍රි දියණියගේ සිරුර බිම දිගා කර දෙපස පහන් දෙකක්‌ ද දල්වා මව එදින රාත්‍රි දියණියගේ මළ සිරුර සමග රැය පහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට පසුදා ඇගේ නිවසට යාබද වත්තට පැමිණි අයකු මෙම මවට කතා කළ අවස්‌ථාවේ දුව ඊයේ මැරුණා ගමේ කවුරුවත් තාම පැමිණියේ නැතැයි පවසා ඇති අතර එම අය මේ බව ගමේ අයට පැවසීමෙන් පසු ග්‍රාම නිලධාරිනියට ඒ බව දැනුම් දී තිබෙනවා.
පසුව ග්‍රාම නිලධාරිනිය පැමිණ නිවසේ ඇති දියණියගේ මළ සිරුර පරීක්‌ෂා කිරීමේදී පිළිස්‌සුම් තුවාල හා රුධිරය දැක ඒ බව ගම්පොළ පොලිසිය වෙත දන්වා තිබෙනවා.

19 වනදා ගම්පොළ පොලිසිය විසින් වයෝ වෘද්ධ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ (20දා) ගම්පොළ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.


gossip lanka