සුනෙත් වේලාවට වැඩ නොකරන එක ලොකු අඩුවක්

මොනවද, මේ දවස්වල කරන්නෙ?

අපි දෙන්නගේ චිත්‍රපටයක මේ දවස්වල ෂූ‍‍ටින් කරගෙන යනවා. එහි අපි දෙන්නම ප්‍රධාන චරිත රඟපානවා. තාම නමක් දාලා නැහැ. බුවිනි දියලගොඩ, හේමාල්, පුජා උමාශංකර් සනත් ගුණතිලක ඇතුළු පිරිසක් එහි රඟපානවා. මේ වසර අගදී හෝ ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට
බලාපොරොත්තු වෙනවා. එය හාස්‍යය මුසු පැය 2 ක චිත්‍රපටයක්.

ඔබ දෙදෙනාම එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ...

ඔව්. අපි දෙන්නටම අයිති ලයිව් 21Pvt Ltd පටන් ගත්තේ 2007 මේක ඇඩ්වර්ටයිසින් ඒජන්සියක් රේඩියෝ ටෙලිවිෂන්, දැන්වීම්, නිෂ්පාදනය, වැඩමුළු සංවිධානය, හඬ කැවීම්, ආදිය සිදු කරනවා.. දෙරණ සූටින් මාටින්, චුටි මල්ලියි, පොඩි මල්ලියි වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙත් මෙතැනමයි.

පවුලේ තොරතුරු එහෙම කොහොමද?..

බිරිය ෂයනි අබේරත්න. ගෘහණියක්. දුව අකී ආකාශා මියුසියස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගනුම ලබනවා.

කොහොමද සුනෙත් මුලින්ම හමුවන‍්නේ.

1997 ජනවාරි 15 දා ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඩිප්ලෝමා පාඨමාලාවට සහභාගී වූ අවස්ථාවේ. අපි එකම පන්තියේ සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන උපාධිය හැදෑරුවෙත් එකට. අපි දෙන්නගේ ඇසුර අවු: 20 කට වැඩියි. මේ වන තෙක් කිසිම දිනක තරහා වෙලා නැහැ. අඳින්න ප‍ලඳින්න එක විදිහට ජීවත් වෙන්නෙ නාවල. එකම ගමනක් යන්නේ. චූටි මල්ලියි, පොඩි මල්ලියි. හරියට සඳ නිසා රෑ බැබළෙනවා. රෑ නිසා සඳ බැබළෙනවා වගේ.

මේ යාලුකම දිගටම රැ‍ඳේවිද?

දිගු කාලයක් එකට වැඩ කරන මිතුරන් තරහවෙන්න හේතුව දෙකක් තියෙනවා. එක්කෝ මුදල් බෙදාගන්න. නැත්නම් කීර්තිය බෙදාගන්න. අපි දෙන්නටම අයිති මේ ආයතනයේ මිල මුදල් නිසියාකාරව බෙදෙන ක්‍රමවේදයක් තමයි හදලා තියෙන්නේ. අපි එකම මානයෙන් හිතන්නේ. අපි දෙන්නම එකඟ වෙන දේවල් තමයි කරන්නේ. ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ.

දෙන්නාගේම විනෝදාංශ සමානයි ද?

එකක්, දෙකක් හැරුණු විට බොහෝ දුරට සමානයි. මම cycling කරනවා. සුනෙත් එහෙම නැහැ. අපි රට රටවල සංචාර යනවා. ටිකක් අමුතු ක්‍රීඩා කරනවා Paint ball වගේ තුවක්කුවකට තීන්ත දාලා වෙඩි ති‍යනවා. ක්‍රිකට් මැච් බලන්න වගේම ක්‍රිකට් ගහන්නත් ආසයි. දෙන්නම... ඩිලන්ත මාලගමු‍වගේ රේසින් තරග නරඹන්න විදේශ රටවලට පවා යනවා මම ස්නුකර් සෙල්ලම් කරනවා.

විලාසිතා කොහොමද?

දෙන්නම අඳින්නේ ඩෙනිම් කලිසම්, ටී ෂර්ට්, අත්කොට කමිස, ෂෝ එකකට ගියත් අපි එක විදිහට අඳින්නේ. සුනෙත් මට වඩා එක එක ඔරලෝසු පලඳිනවා. මම ඔරලෝසු, ආභරණ පලඳින්නේ නැහැ.

අනාගතයේ මොනව කරන්නද බලාපොරොත්තුව...

නුදුරු අනාගතයේම අරමුණ තමයි ෆිල්ම් එකක් කරලා පෙන්වන එක. ඊට පස්සේ දිගටම අපි චිත්‍රපට කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි අපි නොදන්න Live කළේ අවුරුදු ගණනකට කලින්. හොඳ දෙයක් ක‍ෙළාත් වෙළෙඳපොළක් තියෙනවා. සමාජය ඉදිරියට හා පසුපසට යන්නේ උපහාස රස සංවේදිතාව නිසා (sence of hummer) ඒ ඔස්සේ අපේ නිර්මාණ රසිකයන් ආදරෙන් වැලඳ ගන්නවා. අපේ නවතම නිර්මාණය කිසියම් මට්ටමක හොඳ සිනමා නිර්මාණයක් වේවි. හිනා වෙන්නම හැදූ එකක් නෙමෙයි. හොඳ කැමරා භාවිතයක්, හොඳ සංගීතයක්, හොඳ 3- D ඇනිමේෂන් ඉහළ මට්ටමක තියෙනවා.

සුනෙත්ගේ ඔබ දකින හොඳ ගතිගුණ එහෙම...

සුනෙත් මගේ හොඳම යාළුවෙක්. මගේ බිස්නස් පාට්නර්. චු‍ටි මල්ලියි, පොඩි මල්ලියි brand එකේ සන්නාමය වෙලා ඒක පවත්වාගෙන යනවා. ඔහු මට වඩා සුහදශීලීයි. P.R එක හොඳයි. මිතුරන් ඇතිකර ගැනීමට දක්ෂයි. ඕනෑම කෙනෙක් සමඟ ඉක්මනින් සුහද වෙනවා.

සුනෙත්ගේ අඩුපාඩුත් ඇති නේද...

හැමතිස්සේම මම ඔහුට කියන කරුණු දෙකක් තියෙනවා. එකක් වෙලාවට වැඩ කරන්න අපහසුයි කියන එක ඒ වගේම එක දිගට එක වැඩක යෙදෙන්න බැහැ.

ඔබ දෙදෙන‍ාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ...

හැම දෙයක්ම අමතක නොවෙන සිදුවීම් තමයි. කොහෙ ගියත් මොනා කළත් අපි එකට ඉන්නේ අපේ නෝනලා දෙන්නත් හරිම හිතවත්. සුනෙත්ගේ පුතයි දුවයි මට කියන්නේ ලොකු අප්පච්චි කියලා. බිරියට කියන්නේ ලොකු අම්මා කියලා. අපේ දුව සුනෙත්ට කියන්නේ බාප්පා කියලා. එයාගේ නෝනට පුංචි කියනවා.


gossip lanka