හිටපු වධකයින් දෙදෙනා මරණ දඬුවම ගැන කියන කතාව

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ඕනෑම මොහොතක වධක රාජකාරිය භාරගැනීමට සූදානම් බව හිටපු වධකයන් දෙදෙනා පවසනවා.

මොවුන් දෙදෙනා 2013 වසරේ පෙබරාවාරී මාසයේ දී නිවාඩු ලබාගොස් නැවත සේවයට වාර්තා
නොකිරීමේ චෝදනාව මත සේවය හැරගිය බවට කටයුතු කර තිබුණා.


හිටපු හමුදා සෙබළුන් වන මොවුන් දෙදෙනාම වධක රාජකාරියට අදාළ මාස එක හමාරක විධිමත් පුහුණුවක්ද ලබා සිටිනවා.

මින් එක් අයෙක් මීගමුවේ පදිංචි 36 හැවිරිදි සරත් පුෂ්පකුමාර නම් අයෙකු වන අතර අනෙක් පුද්ගලයා බියගම පදිංචි යූ.ඩී. පද්මසිරි වනවා.

කෙසේ වෙතත් වධක තනතුරු දෙකට ඉල්ලුම්පත් කැඳවීම මෙම සතියේ සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස්වරයා පසුගියදා ප්‍රකාශ කළා.


gossip lanka