පාපන්දු ලෝක කුසලානයේ සරාගී කාන්තාවන් පෙන්වීම තහනම් - ක්‍රීඩාව රැක ගන්න අපූරූ තීරණයක්! (PHOTOS)

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට එන සුරූපී තරුණියන්ව අනවශ්‍ය ආකාරයෙන් උලුප්පා පෙන්වන්න එපා යැයි තරග නිල විකාශනය සිදුකරන සමාගමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Federico Addiechi නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මාසයකට වැඩි කාලයක් පුරා පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ලබන 15 වැනිදා
පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ප්‍රංශය සහ ක්‍රෝඒෂියාව යන රටවල් තරග කිරීමට නියමිතයි.

තරග නැරඹීමට පැමිණෙන සුරූපී තරුණියන්, ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන් අනවශ්‍ය ආකාරයට රුපවාහිනි විකාශනය අතර වාරයේදී පෙන්වීම පසුගිය සෑම තරගයක් අතරවාරයේදී සිදුවුවා.

පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේදී සුරුපිම තරුණිය ලෙස මාධ්‍ය මගින් පෙන්වූ Natalya Nemchinova නම් තරුණිය රුසියාවේ නිල් චිත්‍රපට නිලියක් බවට පසුව තොරතුරු අනාවරණය විය.

මිට අමතරව තරගය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදිනියන් සජීවී විකාශනයන් අතර වාරයේදී තරග නරඹන්නන් විසින් බලාත්කාරයෙන් සිපගැනීමේ සිද්ධි ගණනාවක්ද වාර්තා වූ බවත් මේ සියලු කරුණු කාරණා ගැන සොයා බලන බවයි පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා කියා සිටින්නේ.

gossip lanka