බිරිඳගේ රහස් ප්‍රදේශයට මිරිස්කුඩු දමා මුහුණට මළපහ කළ සැමියෙකුට ලැබුණු දේ


තම බිරිඳට අමානුෂික ලෙස වධ දුන් පුද්ගලයෙකුට කළුතර මහාධිකරණය විසින් දඬුවම් පමුණුවා තිබෙනවා.

ඒ අනුව එම සැමියාට රුපියල් 5000 ක දඩයක්‌ හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්‌ නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු සුජාතා
අලහප්පෙරුම මහත්මිය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවුවා තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙකුටයි.

තම සැමියා විසින් අමානුෂික ලෙස තමන්ට පහරදුන් බවත් අනතුරුව තම රහස් ප්‍රදේශයට මිරිස්‌ කුඩු දැමූ බවත් පවසමිනුයි අදාළ බිරිඳ විසින් සැමියාට විරුද්ධව මෙම නඩුව ගොනුකර ඇත්තේ.

පසුව තම සැමියා තමාව වැසිකිළියට ඇදගෙන ගිය බවද අදාළ කාන්තාව විසින් පවසා තිබෙනවා.

ඉන් පසු ඔහු විසින් මළ පහ කර එම අපද්‍රව්‍ය සිය මුහුණේ ඇතිල්ලූ බවයි ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

2012 ජුනි මස 20 වැනි දින සිදුවූ මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා ඇති අතර ඒ අනුවයි අදාළ නඩු තීන්දුව ලැබී ඇත්තේ.

gossip lanka