සරාගී සුපිරි නිලි දීපිකා පදුකෝන් ඉටි රූපයක් වෙන ලකුණු

බොලිවුඩයේ සරාගී නිලියක් වුනු දිපීකා පදුකෝන් ජනප්‍රියත්වය අතින් ඉහලම තැනක ඉන්න නිලියක්. ඒ නිසාම ලොව ජනප්‍රියතම පුද්ගලයන්ගේ ඉටි නිර්මාණ තැන්පත් කෙරෙන ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරයට බොලිවුඩ් සුපිරි නිළී දිපීකා පදුකෝන්ගේ ඉටි රුවක් එක් කිරීමට ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාර බලධාරින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ලන්ඩනයේ පිහිටි ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය ඇති
ඉටිරුව අතරට බොලිවුඩ් සිනමා නිළියක් තවමත් එක් කර නැහැ. දිපීකා එහි පළමුවැන්නීයවීමේ වාසනාව හිමි කරගෙන තිබෙනවා. හොලිවුඩ් සිනමා නිළියන් අතලොස්සක ප්‍රමාණයක් මෙහි සිටින අතර, ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලොව බලවත් පුද්ගලයන්ගේ ඉටිරුව නිර්මාණය කිරීමේ ස්ථානය හැටියටයි.