පඩි නැතිව අලුගෝසු තනතුර ඉල්ලන 71ක් හැවිරිදි කරුණාවතී

මත්කුඩු ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් වැටුපක්‌ නොමැතිව අලුගෝසු තනතුර ලබාගන්නට තමන් සූදානම් යෑයි හලාවත ආරච්චිකට්‌ටුවේ පදිංචි එල්. බී. කරුණාවතී (71) මහත්මිය පවසයි.

කෝටි ගණක්‌ වටිනා මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා රටේ අනාගත පරපුර විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් තරාතිරම නොබලා විනාශකර දැමිය යුතු බව පවසන ඇය ළමා
අපයෝජනවලට සම්බන්ධ වූ වැරදිකරුවන්ටත් මරණ දණ්‌ඩනය ලබාදිය යුතු බව රජයෙන් ඉල්ලා සිටී.

ධර්ම ද්වීපයක්‌ව තිබූ මේ රට මරණදීපයක්‌ වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඇන්ටන් ප්‍රනාන්දු

gossip lanka