මට දැන් හැමෝම කතා කරන්නේ බණ්ඩා කියලා

පුංචි තිරයේ ජනප්‍රිය වූ පුංචි නළු නිළියෝ අතර “දංකුඩ බණ්ඩා” මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක්. “දංකුඩ බණ්ඩා”ටෙලි නාට්‍යයේ “දංකුඩ බණ්ඩා” ලෙසින් ඔබ හමුවට එන ළමා නළුවා තමයි ඔනෙල් දම්සද් දඔනෙල්ගේ තොරතුරු ටිකක් කතා කරලාම මේ කතාබහ පටන් ගනිමු.
මම ඉපදුණේ 2006 වසරේ අප්‍රේල් 13 වැනිදා. මේ වෙනකොට මම මහානාම විදුහ‍ලේ 7 වසරේ ඉගෙන ගන්නවා. මගේ තාත්තා (අසංක ඉන්ද්‍රජිත්) අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පියෙක්. අම්මා අමිලා
චතුරංගනී. අපි පදිංචිවෙලා ඉන්නේ මාලිගාවත්තේ.

හා හා පුරා ඔබ රඟපෑමට එක්වූ මුල්ම දවස මතකද?

ඉස්කෝ‍ලේ තුන වසරේ ඉගෙන ගන්නකොට අපේ දහම් පාස‍ලේ  (විද්‍යාලංකාර පිරිවෙන) නාට්‍යයක සිදුහත් කුමරුගේ චරිතය රඟපෑවා. ඒ තමයි මගේ මුල්ම රඟපෑම.

ඔනෙල් රඟපාන්න වගේම ගී ගයන්නත් දක්ෂයිලු නේද?

ඉස්කෝලෙදී, දහම් පාස‍ලේදී මම ගීත ගයනවා. මගේ සංගීත ගුරුතුමා තමයි සමීර වීරසිංහ. සර් තමයි මට මුලින්ම රඟපාන්නයි ගීත ගයන්නයි අවස්ථාව ලබා දුන්නේ.

“දංකුඩ බණ්ඩා” විදියට ජනප්‍රිය වෙන්න කලින් “ඔනෙල්” සිනමාවටත් පය තිබ්බා නේද?

ඔව්, ඒ “විශ්ම” චිත්‍රපටය හරහා ඒ චිත්‍රපටය තවම තිරගත වුණේ නැහැ. ඒ චිත්‍රපටයේ මම තමයි විශ්මගේ චරිතය රඟපෑවේ. මේ චිත්‍රපටයට මම ගීත දෙකකුත් ගායනා කළා. සමීර සර් තමයි ඒ අවස්ථාව මට ලබා දුන්නේ.

කොයි කාලෙද ඔය කියන චිත්‍රපටයට සම්බන්ධ වුණේ ?

හය වසරේ ඉන්න කා‍ලේ.

එතකොට කොහොමද ‘දංකුඩ බණ්ඩා’ විදියට රඟපාන්න අවස්ථාව ලැබුණේ?

ටෙලි නාට්‍යයක ළමයින් තෝරා ගන්න පරීක්ෂණයක් තියෙනවා කියලා තාත්තිගේ හිතවත් අංකල් කෙනෙක්ගෙන් දැන ගන්න ලැබුණා. අම්මියි තාත්තියි එකතු වෙලා මාවත් ඒ පරීක්ෂණය සඳහා කැඳවා ගෙන ගියා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් තමයි මාව තෝරා ගත්තේ. ඒ ටෙලි නාට්‍යයේ රඟපානවාට අමතරව ගී ගයන්නත් මට අවස්ථාව ලැබුණා.

දංකුඩ බණ්ඩා වෙන්න එදා ළමයි කී දෙනෙක් සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටියාද?

අසූවක් විතර හිටියා

“දංකුඩ බණ්ඩා” රඟපාන්න යන හින්දා පාස‍ලේ වැඩ අතපසු වෙන්නේ නැද්ද?


යාළුවෝ ගුරුවරු වගේම ප්‍රින්සිපල් සර්ගෙනුත් මට උදව් උපකාර ලැබෙනවා. Shooting යද්දී ඉස්කෝ‍ලේ ‍පොත් ටික අරගෙන යනවා. Shooting නැති වෙලාවට අම්මා ළඟ ඉඳන් ඉස්කෝ‍ලේ වැඩ කියා දෙනවා.

ඉස්කොලෙන් ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

(හිනැහී) දැන් ගොඩක් අය මට ඔනෙල් කියන්නේ නැහැ. ඒ හැමෝම මට කතා කරන්නේ “බණ්ඩා” කියලයි.

ආරියවංශ කුලතිලක


gossip lanka