ඉතිහාසයේ පළමු වතාවට ඉතාලි ගුවන් යානා අංගනයකදී ශ්‍රී ලාංකික කාන්තාවක් බිහි කළ අපූරු දරු උපත

ඉතාලියේ සිසිලි දූපතේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා.

දරු ප්‍රසූතියට ආසන්නව සිටියදී මෙම ශ්‍රී ලාංකික කාන්තාව ඇයගේ සැමියා සමඟ සිසිලි දූපත් සමූහයට අයත් වුල්කානෝ නැමති දූපතේ සිට  සිසිලි දුපතේ මෙසිනා රෝහලට ගෙන යෑමට සූදානම් වී තිබෙනවා.

අදාළ කාන්තාව දරු ප්‍රසුතියට ලංවීම නිසා එරට ක්‍රියාත්මක හෙළි ඇම්බියුලන්ස් සේවාව මගින් ඇයව
ඉක්මනින් රෝහල කරා ගෙනයාමට ගුවන්යානා අංගනයට පැමිණි අවස්ථාවේදී මෙම අපූරු දරු උපත සිදු වි ඇති බවයි එරට ආරංචි මාර්ග පවසන්නේ.

වහා ඉක්මන් වූ හෙළි ඇම්බියුලන්ස් සේවාවේ හෙද හා වෛද්‍ය කාර්ය මණ්ඩලය දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය කටයුතු කර ඉතා ඉක්මනින් එහි තිබු ගුවන් යානයක් මගින් දරුවා හා මව මෙසිනා නුවර පපාර්දෝ රෝහලට ඇතුල් කර තිබෙනවා.

රෝහල වෙත ඇතුලත් කළ ලාංකික දරුවා හා මව සුවෙන් සිටින බවයි එරට ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා ඇත්තේ.

එරටදි ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප්‍රසූත කළ පළමු අවස්ථාව මෙය වන බවත් ඉතාලි ජාතික හෙද හා වෛද්‍ය කණ්ඩායම විදේශිකයෙකු  වුවත් ශ්‍රී ලාංකික කාන්තාවට එය නොසලකා ඉතා හොඳ සේවාවක් සැලසු බව එරට ආරංචි මාර්ග පවසයි.