අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට පැය 8ක් කෑම දෙන්න අමතක වෙලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේනට ඊයේ  (19) උදෑසන 6 සිට පැය 8 පමණ කාලයක් කෑම හෝ වතුර ලබා දී නොමැති බව වාර්තා වෙනවා.

 සිද්ධියට ආදාළ නඩුව ඊයේ (19) කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මේ බව අධිකරණයට කරුණු වාර්තා කළා.

කෙසේ වෙතත් එම නඩුව ආරම්භ වන මොහොතේ එනම් දහවල් 1.30ට මොවුන් දෙදෙනා වෙත දිවා ආහාරය සැපයූ බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළ නමුත් සැකකරුවන් දෙදෙනා එතෙක් නිරාහාරව සිටීම සම්න්ධයෙන් මීට වඩා සැළකිල්ලක් යොමු කළ යුතුව තිබූ බවත්, එවැන්නක් ඉදිරියේ සිදු නොවන ලෙස කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිළධාරීන් වෙත තරයේ අවවාද කොට තිබෙනවා.