කෝලි අනුෂ්කා යුවළ එංගලන්තය එළිය කරයි - (photos)

විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා කියන්නේ අතිශයින්ම ජනප්‍රිය තරු යුවලක්. මේ දෙන්නා මේ දිනවල ඉන්නේ එංගලන්තයේ. ඒ විනෝද චාරිකාවකට සහභාගි වෙන්නවත් සුවසේ කාලය ගත කරන්නවත් නෙමෙයි.

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙන්නයි විරාත් එංගලන්තය බලා ගිහින් තියෙන්නේ.ඒක කොහොම නමුත්  අනුෂ්කාත් සිය සැමියාට සුබ පැතීම සදහා ඔහුත්
එක්කම එංගලන්තයට ගිහින් කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඉන්දියාව ජයග්‍රහණය කළ විට ඇය කෝලි වැළදගෙන සුබ පතන ආකාරය දැක්වෙන සේයා රූ අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

මේ දිනවල අනුෂ්කා සිටින්නේ සීරෝ චිත්‍රපටියේ රගපාමින්. එහි ඇය පණ පොවන්නේ ජීවිතය ජය ගන්නට වෙහෙසෙන විද්‍යාඥවරියකගේ චරිතයක්. එම චිත්‍රපටිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත වෙන්නට නියමිතයි.


gossip lanka