සර්ගේ ගෙදර නැවතිලා පිරිවෙන් ගිය සිසුවාව අපයෝජනය කළ පිරිවෙනේ ඉංග්‍රීසි සර්ගේ කැත වැඩේ මාට්ටු

පිරිවෙනක අධ්‍යාපනය ලැබූ පහළොස්‌ හැවිරිදි වියේ පසු වූ බාලවයස්‌කාර සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කළ  ගුරුවරයකු අක්‌මීමන පොලිසිය විසින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බාලවයස්කාර සිසුවාව අපයෝජනය කර ඇත්තේ එම පිරිවෙනේම සේවය කළ ඉංග්‍රීසි ගුරුවරයා විසින් බවයි  පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අපයෝජනයට ලක්‌වූ පිරිමි දරුවා මෙකී
උපකාරක පංති ගුරුවරයාගේ නිවසේ නතරවී පිරිවෙන් ගොස්‌ තිබෙව බවද වාර්තා වනවා.

එහිදී උපකාරක පංති ගුරුවරයා විසින් නිවසේදීම මෙම සිසුවා වරින් වර ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මේ හේතුව නිසා දරුවා පිරිවෙන් යෑමට නොහැකි බව සිසුවා හඬමින් තම පියාටද පවසා තිබෙන අතර පසුව සිසුවාගේ පියා මේ පිළිබඳව අක්මීමන පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (25 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


gossip lanka