අකිල ගැහැණු දරුවෙකු සොයයි

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නළු අකිල සඳකැළුම් මේ වනවිට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට මුල පුරා තිබේ. මේ දිනවල ඒ සඳහා නළුනිළියන් සොයමින් සිටින අතර, ඔහු කුඩා ගැහැණු දරුවෙකුද සිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ පිළිබඳව අකිල අපිට පැවසුවේ මෙවැනි අදහසකි.

‘මගේ චිත්‍රපටයේ වැඩ කටයුතු මේ දිනවල සිදුකර ගෙන යනවා. චිත්‍රපටයට අවශ්‍ය කරලා තියෙනවා කුඩා ගැහැණු දරුවෙක් ප්‍රධාන චරිතයකට. චිත්‍රපටයක
රඟපෑමට කැමැත්තක් දක්වන කුඩා දරුවෙක් ඉන්නවා නම් මේ අවස්ථාව ලබා දෙන්න මම කැමතියි. ඇය වයස අවුරුදු 8ත් 10ත් අතර කෙනෙක් නම් වඩාත් සුදුසුයි. ඉදිරියේදී මේ වෙනුවෙන් තිර පරිකෂණය අපි පවත්වනවා. 0713779367 මගේ දුරකතන අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.



gossip lanka