ලාංකික බිරිඳ නිසා ඉන්දියානු සැමියා සහ දරුවන් දෙදෙනා සිය දිවි නසාගනී

ඉන්දීය ජාතික පුද්ගලයකු හා විවාහ වී පවුල් ජීවිතයක් ගත කළ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවක් සිය ස්වාමි පුරුෂයා සමග ඇතිකරගත් පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් අතහැර ශ්‍රී ලංකාවට පැමිණීම නිසා වේදනාවට පත්ව ස්වාමි පුරුෂයාත්, දරුවන් දෙදෙනාත් වස පානය කර ජීවිතක්ෂයට පත්වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සිය දරුවන් දෙදෙනාට වස දී පියාද වස පානය කරමින්
ජීවිතක්ෂයට පත්ව සිටින්නේ ඉන්දීය ජාතික පුද්ගලයකු වන හබිබ් රහුමාන් (40) නමැත්තෙකි. මොහු විවාහ වී සිට ඇත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවක සමග බව පැවැසෙයි.

මොවුන් දෙදෙනාට දාව දරුවන් දෙදෙනකි. අවුරුදු 6 ක් සහ 4 ක් වයසැති පිරිමි දරුවන්ය.මෙම ඉන්දීය ජාතික පුද්ගලයා සහ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාව එකට හමුවී තිබෙන්නේ මීට වසර දොළහකට ඉහත ඩුබායිහි සේවය කරමින් සිටියදීය.

දෙදෙනා හාදවී දෙපාර්ශ්වයේම කැමැත්තෙන් නීත්‍යනුකූල ලෙස විවාහ වී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මධුරවායිල් ප්‍රදේශයේ මරණයට පත්වූ ස්වාමි පුරුෂයාගේ නිවසෙහි පදිංචි වී සිට ඇත.

ඉකුත් 23 දා සිට මෙම පවු‍ලේ උදවිය නිවසේ නොසිටි බවත් ප්‍රදේශවාසීහු පවසා තිබේ.මොවුන්ගේ නිවස තුළින් එන දුර්ගන්ධයක් නිසා දොර ජනේල කඩා එම නිවසට ඇතුළු ප්‍රදේශවාසීන්ට දැකගැනීමට හැකිවී තිබෙන්නේ පියා සහ දරුවන් දෙදෙනා
ජීවිතක්ෂයට පත්ව අතිශයින් නරක් වූ මළසිරුරු බව දෙමළ මාධ්‍ය වාර්තා කර තිබෙයි.

මීට දින කිහිපයකට පෙර මෙම නිවස තුළ ස්වාමි පුරුෂයාගේ හා බිරිඳගේ බහින් බස්වීමක් සමගින් අඩදබරයක් ඇතිවී දරුවන් මහත් ශබ්දයෙන් හඬන්නට වූ බවද ප්‍රදේශවාසීහු පවසා තිබේ.සිය ස්වාමි පුරුෂයා හා දරුවන් තනිකර දමා ශ්‍රී ලංකාවට පැමිණි බව කියන මුස්ලිම් බිරිඳ පිළිබඳ මෙතෙක් තොරතුරක් නැත.