නර්ගිස්ගේ හිත නිෂ්පාදකවරයෙකුට

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ නර්ගිස් පක්රි මේ දිනවල නැවතත් පෙම්වතියක් වී සිටියි. ඒ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වු මැට් අලන්සෝ සමගය. පසුගිය කාලයේ නර්ගිස් යශ්රාජ් චිත්‍රපට සමාගමේ කොටස්කරුවෙකු වූ ජනප්‍රිය නළු උදය චොප්රා සමගින් ප්‍රේම
සම්බන්ධයක් පැවැත්වූ අතර, පසුව උදය නර්ගිස්ටද හොර රහසේ විවාහ විය.

මේ සමගම බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඉවත් වූ ඇය නැවතත් මේ වසරේ සිට බොලිවුඩ් චිත්‍රපට සඳහා එක්ව ඇත. මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේද ආරධිත රංගනයක නිරත වෙන නර්ගිස් දායක වුණ තවත් චිත්‍රපට කිහිපයක් ඉදිරි කාලයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.