ආසන පටි පැළඳගෙන, සුරූපිනියන් නැළවෙමින්, සෙල්ෆි ගසමින් රජ කාලේ නීති මැද පැවැත්වූ සංගීත ප්‍රසංගය

සෞදි අරාබියාවේ Jeddah නුවර පැවති සංගීත ප්‍රසංගයක් වෙත මුළු ලෝකයේම අවධානය යොමු වෙමින් පවතිනවා. ඊට හේතු වී ඇත්තේ මේ ප්‍රසංගය නරඹන්නට පැමිණි කාන්තාවන්ට නර්තනයේ යෙදීම සෞදි නීතියට අනුව තහනම් කර තිබීමයි.

නමුත් මේ ප්‍රසංගය නැරඹීමට පැමිණි සෞදි කාන්තවන් selfies ගසමින්, අත්පුඩි ගසමින්, ගීතයේ තාලයට වැනෙමින්, අත්වනමින් සතුටු වන අකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
මේ ප්‍රසංගයේදී කාන්තාවන් සහ පිරිමින් අසුන්ගෙන
සිටියේ කලාප දෙකක වීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් කාන්තාවන්ට නර්තනයේ යෙදීමට තහනම් කර තිබීම සමච්චලයට ලක් කරමින් විවිධ Twitter පණිවිඩ නිකුත් කර තිබුනා. ඇතැම් පණිවිඩ වලින් පවසා තිබුනේ, නෝනාවරුනි මහත්වරුනි ඔබේ ආසන පටි පැලද ගන්නා ලෙසයි.

ඊජිප්තු පොප් ගායක Tamer Hosny විසන් පැවැත්වූ මේ ප්‍රසංගයේ ප්‍රවේශ පත් 6000 පැය දෙකක් තුල අලෙවි වීමද විශේෂත්වයක්.


gossip lanka