පැටියෙකු දරා සිටි එළදෙනකට නරුමයෙක් කළ අහස පොළොව නුහුලන අපරාධයට වෙසක් දා දඬුවම් ලැබුණු හැටි

මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ දිඹිරියගල්ල ප්‍රදේශයේ දී අද (29) වෙසක් පෝදා මස් අලෙවි කිරීමට කිරි එළදෙනක ඝාතනය කළ පුද්ගලයකු මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් මෙම එළදෙන කැලෑබද ප්‍රදේශයකට
රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ මැදගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මැදගම ප්‍රදේශයේ පදිංචි විසි හතර හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

මෙම එළදෙන පැටවෙකු බිහි කිරීමට සිට ඇති අතර සැකකරු මෙවැනි ආකාරයෙන් ගවයින් ඝාතනය කර මස් අලෙවි කරන අයෙක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මැදගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.


gossip lanka