කජු ඇහිලීමට අරගෙන ගිහින් 12 හැවිරිදි පිරිමි දරුවෙකුට වතු මුරකරුවා කරපු කැත වැඩේ

කජු ඇහිලීමට යැයි පවසා කැඳවාගෙන ගිය වයස අවුරුදු 12 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන 34 හැවිරිදි වතු මුරකරුවෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 31 වැනිදා දහවල් කාලයේ මෙම අපචාරය
සිදුවී ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිලේ සඳහන් වන්නේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාදම්පේ පොලිස් වසමේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පුද්ගලික වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙක්.

අතවරයට පත්ව ඇති දරුවා තවත් දරුවන් කීප දෙනෙකු සමග ක්‍රීඩා කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණ ඇති සැකකරු කජු කැඩීමට යැයි පවසා දරුවාව තමන් සේවය කරන වත්තට කැඳවාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

එම වත්තේ ඇති පාළු මුර මඩුවකදී සැකකරු දරුවා අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී තිබෙනවා .

පසුව දරුවා අතට රුපියල් 100 ක මුදලක් දී ඇති සැකකරු මේ බව කිසිවෙකු හා නොකියන ලෙස බල කර ඇති බව පොලීසිය පැවසවා.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරනවා.


gossip lanka