ක්‍රිකට් ලෝකයේ වීරයා කෝලී පිය පදවියට..? - Photos

ක්‍රිකට් කියූ සැණින් බොහෝ දෙනෙකුට මේ දිනවල මතක් වෙන්නේ විරාත් කෝලි. ඒ වගේම තමයි බොලිවුඩයේ ජනප්‍රිය නිලියක් වූ අනුෂ්කා ශර්මාටත් වැඩිපුර මාධ්‍යට නිරාවරණය වෙලා. ඒ විවාහයත් එක්කයි. මේ දෙන්නාට පසුගිය දිනක සමාජ මාධ්‍ය මිතුරන්ගෙන් සුබ පැතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ අනුෂ්කා ගැබි ගෙන ඇති බවට උපකල්පනය කරමින්.

මෑතකදී විරාට් කෝලි විසින් සිය ටිවිටර් ගිණුම හරහා
පළ කර තිබූ අදහසකට අනුව ඔවුන් මෙලෙස උපකල්පනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අනුව ඔහු පවසා තිබුණේ මෙවැන්කි..”There’s a lot that’s happening right now. Fill you guys in real soon!” යනුවෙනි.

මෙම අදහස කියවූ ඔහුගේ සමාජ මාධ්‍ය මිතුරන් අනුෂ්කා ගර්භනී තත්වයට පත්ව ඇති බවට උපකල්පනය කරමින් අනාවැකි කීමට පටන් ගෙන තිබුණා.

කෙසේ වෙතත් මෙය උපකල්පනයක්ම පමණක් බවත් අනුෂ්කා ගැබ් ගෙන නොමැති බවත් ඉන්දීය මාධ්‍යවල පළවී තිබෙනවා.

එහි ඡායාරූප පහතින්


gossip lanka