" ස්විට්සර්ලන්තයෙන් දේශපාලන රැකවරණ ගන්න පාතාලයේ ලොක්කා මදුෂ් අමුතු ගේමක් ගහලා " පාතාලයේ පෙර සතුරෝ කුඩු ලාල් , නඳුන් , මදුෂ් එකට එකතු වෙලා ගහන ගේම මෙන්න .!

පසුගිය දින කිහිපයේ අසන්නට ලැබුනු සිදුවීම් අනුව බොහො දෙනෙකු කියා සිටියේ පාතාලය සක්‍රීය වෙමින් පවතින බවයි. මෙලෙසින් සක්‍රීය වන පාතාලය මෙහෙයවන මහ මොළකරුවන් කිහිප දෙනෙකුගේද නම් කියැවිනි. මාකදුරේ මදුෂ් ඒ අතරින් ප්‍රධානය.

මෙතෙක් කල් ඩුබායි හි සැගව සිටි මාකඳුරේ මදුෂ් දැන් ඉතාලියට පැන ගොස් තිබෙන බව බුද්ධි අංශ
අනාවරණය කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවන මෙම අපරාධකරුවා දේශපාලන රැකවරණය ඉල්ලමින් ස්ට්සටර්ලන්තයටද පැන යෑමට දැඩි උත්සාහයක නිරත වන බවටද බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබිණි. තමාට ශ්‍රී ලංකාවෙන් අභූත චෝදනා එල්ල කරන බව සඳහන් කරමින් මධුෂ් මෙලෙස ස්ට්සටර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා ඇති බවටද බුද්ධි අංශ විසින් හෙළිදරව් වී තිබේ.

ඉතාලියට පැන ගිය මාකඳුරේ මධුෂ්ට එරටදී රැකවරණ ලබාදෙන්නේ කවුරුන්ද යන්නද හෙළිව තිබේ.. දකුණේ සිදුවූ පුද්ගල ඝාතන, කොල්ලකෑම් සහ කප්පම් ගැනීම් රැසකට නායකත්වය ලබාදුන් එස්.ටී.එෆ්. නදුන් සිටින්නේද ඉතාලියේ මිලානෝ නගරයේය.

මීට වසර කිහිපයකට ඉහතදී එස්.ටී.එෆ්. නදුන් සහ මාකඳුරේ මධුෂ් අතර නයි වෛරයක් හටගෙන තිබිණි. නමුත් එම වෛරය මේ වනවිට දැඩි මිත්‍රත්වයකට පෙරළී ඇතැයිද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ. එම මිත්‍රත්වය මත එස්.ටී.එෆ්. නදුන්, මාකඳුරේ මධුෂ්ව ඉතාලියට ගෙන්වා ගෙන ඇති බවද පැවසේ.

පසුගිය වකවානුවේ මුළු දකුණු පළාතම භීතියට පත් කරමින් ඇති වූ දකුණේ ඝාතන රැල්ල නිර්මාණය කිරීමටද එස්.ටී.එෆ් නදුන් තමාගේ ගෝලයකු වන ඩුබායි වෙසෙන කොස්ගොඩ සුජීට සහාය ලබාදී තිබිණි. ඒ කොස්ගොඩ සුජීගේ ප්‍රතිවාදියා වන කොස්ගොඩ තාරක සහ ඔහුගේ ගෝලබාලයන් ඝාතනය කිරීම සඳහාය.

එස්.ටී.එෆ්. නදුන් ඉතාලියේ මිලානෝ නගරයේ සැඟවී සිටිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවද බුද්ධි අංශ සඳහන් කරයි.

මීට වසර හත අටකට පෙර කොළඹ පාතාලයේ කිරුළු පැලඳූ "කුඩු ලාල්" නැමැත්තා ගැනද නවතම තොරතුරු බුද්ධි අංශ වෙත ලැබිණි. ගම්පහ ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ ගෝලයකු වූ කුඩු ලාල් ඉකුත් රජය සිදුකළ පාතාල මර්දන වැඩපිළිවෙළත් සමඟ සිය ආරක්ෂාව පතා එංගලන්තයට පැන ගියේය. එරට රූමත් තරුණියක විවාහ කරගත් කුඩු ලාල් මේ වන විට මෙරට සිදුවන හෙරොයින් ජාවාරම මෙහෙයවන බවද බුද්ධි අංශ වාර්තාවල සඳහන්වේ.

එංගලන්තයේ වෙසෙන කුඩු ලාල්ද මීට දින කිහිපයකට පෙර ඉතාලියේ, මිලානෝ නගරයට පැමිණ ඇති බව බුද්ධි අංශ විසින් පාතාල මර්දන ඒකකයන් වෙත දන්වා තිබේ. එස්.ටී.එෆ්. නදුන් විසින් එංගලන්තයේ සිට කුඩු ලාල්ට තමා සැඟවී සිටින මිලානෝ නගරයට මෙලෙස කැඳවා තිබූ බවද පාතාල මර්දන ඒකකයන් සඳහන් කරයි.

ඉතාලියේ, මිලානෝ නගරයේ සුපිරි හෝටලයක, එස්.ටී.එෆ්. නදුන්ගේ සහ කුඩු ලාල්ගේ හමුවීම සිදුව ඇති බවටද එම ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ. මාකඳුරේ මධුෂ් ඉතාලියට ගෙන්වා ගත් සතුට සැමරීම සඳහා එස්.ටී.එෆ්. නදුන් සිය සගයා වන කුඩු ලාල්ද කැටුව මත්පැන් සාදයක් එම හෝටලයේදී පවත්වා ඇති බවටද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී ඇත.

එම මත්පැන් සාදයට විවිධ රටවල් නියෝජනය කරන ප්‍රධාන පෙළේ පාතාල නායකයන් පැමිණ ඇති බවද සඳහන් වේ. ප්‍රධාන පෙළේ පාතාල නායකයන් තිදෙනකු වන මාකඳුරේ මධුෂ්, එස්.ටී.එෆ්. නදුන් සහ කුඩු ලාල් යන ත්‍රිත්වය එකට හමුවීම මෙරටට තර්ජනයක් ඇති කළ හැකි බවද පාතාල මර්දන ඒකකයන් අවධාරණය කරන බව මුද්‍රිත මාධ්‍යයේ පළව තිබේ.