කොටහේනේදී වෙඩි තියලා ගේම දීපූ චූලා , ජූඩ් මාට්ටු - පතාලයේ ප්‍රබල සමාජිකයන් දෙකක් කොටු කළ පොලීසියේ මහා මෙහෙයුම .!

මිනිස් ඝාතන සහ වෙඩි තැබීමේ අපරාධ කිහිපයකටම වගකිව යුතු පතාල සමාජික "චූලා" කොටු කර ගැනීමට පොලිස් අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම මෙහෙයුමෙන් අත් අඩංගුවට පත්ව තිබෙන්නේ රාගම -බටුවත්ත පදිංචි සියඹලාපිටියගේ චමින්ද වසන්ත නොහොත් චූලා වසන්ත (31) හා බොරැල්ල ස්වර්ණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචි රැන්ඩොල් ජූඩ් බෙට්ස් (38) යන පාතාල සාමාජිකයන්
දෙදෙනාය. මෙම පතාල සමාජිකයන් අත්අඩංගුවට ගනිද්දි ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක්ද හමුවී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 29 දා මරදාන වීරසේකර මාවතේ ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා තුවාල සිදු කිරීම, පෙබරවාරි මස 04 වැනි දින උඩුගම්පළ - කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම, මාර්තු 08 වැනි දින කොටහේන - හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන්  මෙම පාතාල සමාජිකයන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

පතාල සමාජික "චූලා" සහ "ජූඩ්" මෙලෙසින්  කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය 16 වැනි දින බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉකුත් 17 වැනි දින කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් සිදු කළ ඉහත කී සියලු අපරාධයන් පොලිසිය මඟින් හෙළිකරගෙන තිබේ.



gossip lanka