gossip lanka

ස්මිත්ට සහ වෝනර්ට ජීවිතාන්තය දක්වා තරග තහනම් වෙයි ද ?

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරග තහනමක් පනවනු ඇතැයි  අනාවැකි පළ වනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන්. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක
මණ්ඩලය සිදු කරන පරීක්ෂණයේ තීන්දුව දැඩි තීන්දුවක් වීමේ වැඩි ඉඩක් පවතින බවයි.

අදාළ සිද්ධියට වරද පිළිගනිමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් ඊයේ (25) එම තනතුරුවලින් ඉවත් වුණා.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්රොෆ්ට් සිය කලිසම් සාක්කුවේ දමාගත් කිසියම් උපකරණයක් මගින් පන්දුව පළුදු කිරිම මෙම සිද්ධියට ප්‍රධාන හේතුවයි.

තරගයේ තුන්වන දිනයේ පැවැති මාධ්‍ය හමුවේදී කැමරන් බැන්ක්රොෆ්ට් මෙන්ම නායක ස්ටීව් ස්මිත් ද මාධ්‍ය හමුවේ වරද පිළිගත්තා. ඒ අනුව නායක ස්ටීව් ස්මිත්ට ධූරයෙන් ඉවත් වන ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරින් දන්වා සිටියා.

මේ අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයට එල්ල වූ මෙම කලූ පැල්ලම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ද ඊයේ (25) සිය අප්‍රසාදය පළ කළා.



gossip lanka