නිවසින් පැන ආ 13 හැවිරිදි දරුවා රවටා පාළු නිවසකට රැගෙන ගොස්‌ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කරලා

දෙමාපියන් සමග අමනාප වී නිවසින් පලාගොස්‌ ගාල්ල බස්‌ නැවතුම් පොලේ සිටි දහතුන් හැවිරිදි පිරිමි ළමයකු පාළු නිවසකට රැගෙන ගොස්‌ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර තිබෙනවා.

අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පනස්‌ හැවිරිදි විවාහක පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව අහංගම පොලිසිය සදහන් කරන අතර අතුරුගිරියේ පදිංචි මෙම ළමයා දෙමාපියන් සමග අමනාපවී දික්‌වැල්ලේ
සිටින ආච්චිගේ නිවසට යැමට ගාල්ල බස්‌ නැවතුම්පළට පැමිණ තිබෙන බවයි සදහන් වෙන්නේ. එහිදී සැකකරුට මෙම ළමයා හමුවී කතාබස්‌ කොට තොරතුරු විමසා හෝටලයේ රැකියාවක්‌ ලබාදෙන බව පවසා තිත්තගල්ල ප්‍රදේශයට රැගෙන ගොස්‌ පාළු නිවසක්‌ තුළදී අපයෝජනය කර තිබෙනවා.

ඊට පසු ළමයාගේ මාතර සිටින ඥාතියකුගේ නිවසට සැකකරු සමග ගොස්‌ ආපසු එන විට මෙම ළමයා අතර මගදී බස්‌රථයෙන් එළියට පැන ඒ අසල පිහිටි විහාරස්‌ථානයක ගොස්‌ මේ පිළිබඳව එහි සිටි හිමිවරුන්ට කියා තිබෙනවා. එවිට එම විහාරස්‌ථානයේ භික්‌ෂුන් වහන්සේලා පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.