කළුබෝවිල ළමා නිවාසයේ ගැහැනු ළමයි 18 ක් පාලිකාවගේ සැමියා විසින් ලිංගික අතවරයකට ලක් කරලා

කළුබෝවිල ප්‍රදේශයේ ළමා නිවාසයක ගැහැනු ළමයින් 18 දෙනකුට ලිංගික අතවර කර තිබෙනවා. ඒ හේතුවෙන් සිද්ධියට අදාළව එම ළමයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ කටයුතු නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත භාරදී තිබෙනවා.

මීට පෙර එම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු කොහුවල පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ
දෙපාර්තමේන්තුව මගින් සිදුකර තිබෙන බවත් සදහන්.

2015 අංක 4 දරන අපරාධයක වින්දිතයින් හා සාක්‍ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්‍ෂා කිරීමේ පනත ප්‍රකාරව එම කටයුතු සිදුකරන ලෙස මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

මේ වන විට අදාළ ළමයින් 18 දෙනා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ අධීක්‍ෂණය යටතේ වෙනත් ළමා නිවාස තුනකට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ මානසිකත්වය යහපත් මට්‌ටමකට රැගෙන ඒම සඳහා මේ වන විට විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබෙන බවත් සදහන්.

මෙම අපයෝජන සිදුවීම එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඔහු එම ළමා නිවාසයේම රියෑදුරු වශයෙන් කටයුතු කර තිබෙන බවත් පැවසේ.

මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවත්  පැවසේ