සැමියා නැති අතරේ මහවැලි ගම්මානයේ කාන්තාවක් සමූහ දූෂණයට ලක් කරලා

සැමියා නොමැති දිනක රාත්‍රි කාලයේ නිවෙසකට කඩා වැදුණු තිදෙනකුගෙන් යුත් බීමත් කණ්ඩායමක් ගෙහිමි කාන්තාවට මරණීය තර්ජන එල්ල කොට බලහත්කාරයෙන් ඇයව නිවෙසින් පිටතට ඇදගෙන විත් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඒ ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ ගින්නරුව මහවැලි ගම්මානයෙන්.

මේ කාන්තාව 30 වියැති දෙදරු මවක්. සිද්ධිය සිදුවූ දා
ඇයගේ ස්වාමිපුරුෂයා තමාගේ සේවා ස්ථානයේ රාත්‍රි වැඩමුරය සඳහා පිටත්ව ගොස් තිබෙනවා. සැකකරුවන් නිවෙසට කඩාවැදී ඇත්තේ රාත්‍රි 10.30ට පමණ.  නිවෙස පිටුපස අනාරක්ෂිතව තිබූ ජනේලයකින් නිවෙස ඇතුළට පැනගත් එක් සැකකරුවකු දරුවන්ද සමඟ නිදාගෙන සිටි ඇය වෙතට කඩා පැන තියුණු ආයුධයක් ඇගේ බෙල්ලට තබා මරණීය තර්ජන එල්ල කොට බියගන්වා නිවෙසින් පිටතට බලහත්කාරයෙන්ම ඇදගෙන විත් සමූහ දූෂණයට ලක්කොට තිබෙනවා.

ගිරාඳුරුකෝට්ටේ පොලිසියට එදින රාත්‍රියේදීම ලැබුණු පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු රාත්‍රිය මුළුල්ලේම සැකකරුවන් සොයා කරන ලද මෙහෙයුමේදී පසුදා උදෑසන වනවිට සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට පත් කරගැනීමට සමත්වී තිබෙනවා.

පොලිස් පරීක්ෂණ අනුව සොයාගත් තොරතුරු අනුව මින් එක් සැකකරුවකු 24 වියැති විවාහකයෙක්. අනිත් දෙදෙනා 18 හා 19 වියැති තරුණයන්. මොවුන් රැකියාව ලෙස කරන්නේ මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමයි. හිංසනයට පත් කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා මහියංගණ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

gossip lanka