පද්මාවත් නිසා ජොන්ගේ අලුත් චිත්‍රපටයට වෙච්ච දේ

ඉන්දියාවේ දිනෙන් දින නිෂ්පාදනය වන චිත්‍රපට ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම එම චිත්‍රපට තිරගත කිරීමට තිබෙන පොලිම ඉතා දිඟුයි . මෙවැනි ගැටලු නිසාවෙන් සමහර චිත්‍රපට නියමිත දිනවකවානු තුල තිරගත කිරීම ආරම්භ කිරීම පවා පමා වනාවා.

ජෝන් එබ්‍රහිම් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන ‘Paramanu’ චිත්‍රපටය නිකුත්වන දිනය කල් දමා තිබෙනවා. බොලිවුඩ් වලින් එන ආරංචි
වලට අනුව අප්‍රේල් 6 වනදා නිකුත් වෙන තිබුණු ‘Paramanu’ චිත්‍රපටය නිකුත් වෙන්නේ මැයි 4 වනදා. මීට හේතුව එම දිනවලම අමිතාබ් බච්චන් රංගනයෙන් දායක වන ‘102 Notout’ චිත්‍රපටය නිකුත් වීමට නියමිත වීමයි

‘102 Notout’ චිත්‍රපටය නිකුත් වීමට නියමිතව තිබුනේ 2017 දෙසැම්බර් මාසේ , නමුත් සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයට අවස්ථාවදීමට සිදු වූ නිසා 102 Notout තිරගත කිරීම කල් ගියා.