gossip lanka

ගැහැනිය වූ පිරිමියා පාකිස්තානු ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වෙයි (video)

පාකිස්ථාන රූපවාහිනි නාලිකා වක පළමු වරට එරට සංක‍්‍රාන්ති ලිංගික තරුණිය ක්ව ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස බඳවාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සංක‍්‍රාන්ති ලිංගිකයන් සඳහා බොහෝ වෙනස් කොට සළකන රටක් ලෙස පාකිස්ථානය ප‍්‍රකටයි.

 මෙලෙස රූපවාහිනී ප‍්‍රවාත්ති නිවේදිකාවක් ලෙස රැකියා ලැබී ඇත්තේ මාවියා මාලික්ටය. ඇය මීට පෙර නිරූපණ ක්ෂේත‍්‍රයේ කටයුතු කර තිබූ අතර ඇය ජනමාධ්‍යවේදය පිළිබඳ උපාධිධාරිනියක්.

 සංක‍්‍රාන්ති ලිංගිකයන් වීම පමණක් හේතුකොටගෙන එරට තුළ රැකියාවක් සොයාගැනීම ඉතා අසීරු කරුණක් බව පැවසෙනවා.

 පාකිස්තානය තුළ රැකියා නොලැබීම හේතුවෙන් සංක‍්‍රාන්ති ලිංගිකයන් බොහොම යක් ජීවනෝපාය ලෙස ගණිකා වෘත්තිය, නර්තනයේ යෙදීම හෝ යාචකයන් ලෙස ජීවත් වෙනවා.

 2016 වසරේදී පාකිස්ථානයේ රෝහලක දී 23 හැවිරිදි සංක‍්‍රාන්ති ලිංගිකය කුට ප‍්‍රතිකාර ප‍්‍රමාද කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.

 අලිෂා නමැති ඔහුට 8 වරක් වෙඩි වැදී තිබූ අතර රෝහල්ගත කිරීමේ ඔහු යොමුකළ යුතු වාට්ටුව ගැහැණු ද පිරිමි ද යන්න කාර්ය මණ්ඩලයට ගැටලූවක් වූ බැවින් ඔහු මියගිය බව මිතුරන් පවසා තිබුණා.

gossip lanka