gossip lanka

ලුණුගම්වෙහෙර සිල් ආරාමයක වැඩසිටි සුභද්‍රා සිල් මාතාවට සිදුවූ අහස පොළොව නුහුලන අපරාධය

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ සිල් ආරාමයක වැඩසිටි සිල් මාතාවක් ගෙල මිරිකා ඝාතනය කර තිබෙන බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර සුභද්‍රා සිල් ආරාමයේ වැඩ සිටි සුභද්‍රා නමැති අවුරුදු 92ක පමණ වයසැති සිල් මාතාවක් බවයි වාර්තාවුණේ.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 24 වැනිදා පෙරවරුවේ මෙම සිල් ආරාමය පරීක්‍ෂා
කිරීමට ගොස් ඇති අතර එහිදී සිල් මාතාව මියගොස් සිටි අයුරු තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් පොලිසිය සැක මතුකර පසුව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට දේහය ගෙන විත් ඇති අතර එහිදී සිදු කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ මෙහෙණින් වහන්සේගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බවයි.


gossip lanka