රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ සිසුවා O/L වලට A9 අරන් (photos)

යාපනය,චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේ දී පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිදුවු රිය අනතුර කින් ජිවිතක්ෂයට පත්වු කෝනේශ්වරන් ගාරුසන් නමැති සිසුවෙකුට අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ නමයක් ලැබීමේ පුවතක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිසුවාගේ අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබී තිබු අතර, සිසුවාගේ ප්‍රතිඵල
වාර්තාව අනුව දරුවාට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ඒ සාමාර්ථ ඇතුළුව විෂයයන් නමය වෙනුවෙන්ම ඒ සාමාර්ථ ලැබී තිබෙනවා.

 පොලිසිය පැවසුවේ යාපනය මද්දුවිල් කමලාසිනි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 17හැවිරිදි කෝනේශ්වරන් ගාරුසන් නමැති දරුවා යතුරුපැදි අනතුරකින් දෙසැම්බර් 18 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

 මෙම දරුවා යාපනය සංගතානෙයි ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වනවා.