අපි ආදරය කරන සුපිරි ක්‍රිකට් නායකයා කෝටි 9ක Bentley Continental GT සුපිරි මෝටර් රථයක් මිලදී ගනී-Video

ලොව අංක එකේ පිතිකරුවකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් නායකයා වන විරාත් කෝලි සිය සුපිරි මෝටර් රථ ගොන්න අතරට ජර්මනියේ නිෂ්පාදිත Bentley Continental GT වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර රථයක් මිලදී ගෙන තිබෙනවා.


මේ අනුව අවුඩි මෝටර් රථ 5කින් සමන්විත කොලිගේ මෝටර් රථ එකතුවට සීමිත නිෂ්පාදන ගණනක් සිදු කල මෝටර් රථද ඇතුලත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ මෝටර් රථ
ගොන්නට ඇතුලත් මෝටර් රථ වන්නේ Audi R8 LMX Limited Edition, Audi R8 V10, Audi A8L W12 Quattro, Audi S6, Audi Q7 4.2 TDI, Toyota Fortuner and a Renault Duster.

කෝලි ඔහුගේ අලුත්ම Bentley Continental GT මෝටර් රථයෙන් ඔහු නවදිල්ලි නුවර ගමන් කරන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන් අනතුරුවයි කෝලි Bentley Continental GT මිලදී ඇති බවට පලවූ කට කතා සනාථ වී ඇත්තේ.

කොලිගේ සහෝදරයා වන විකාෂ් කොලිගේ නමට මිලදී ගෙන ඇති මේ මෝටර් රථයේ වර්තමාන වෙළදපොල මිල රුපියල් කොටි 8.6 සිට 9.2 දක්වා වන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.