"මම ඔයාට රු. 100 ක චොක්‌ලට්‌ එකක්‌ ගෙනාවා" කියා පාසල් දරුවෙකු ගිලගන්න ආ නරුමයා

බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ පාසලක 6 වසරේ ඉගෙනුව ලැබූ පිරිමි දරුවකුට කිසියම් පුද්ගලයෙකු විසින් චොක්‌ලට්‌ ලබා දී නොමඟ යවා පැහැරගැනීමට යාමේ සිද්ධියක් පිළිබඳ පුවත් වාර්තා වනවා.

සැකකරු කලින් දින පාසල ඇරී එම පිරිමි දරුවා බස්‌ රථයෙන් නිවසට යමින් සිටියදී බස්‌ රථයේදී හමුවී දරුවා සමඟ මිතුරු වී දරුවාට රු. 10/- ක්‌ ලබාදී සැකකරුගේ දුරකථන අංකය ලබාදී නිවසට ගොස්‌ අම්මාට හොරෙන් අම්මාගේ දුරකථනයෙන් තමන්ට ඇමතුමක්‌ ලබාදෙන ඉල්ලා තිබෙනවා.

පසුව දරුවා විසින් මේ පිළිබඳව තම මවට පවසා ඇති අතර ඉන්පසුව මව හා විදුහල්පතිවරයා විසින් මේ පිළිබඳව බෙලිඅත්ත පොලිසියට පැමිණිල්ලක්‌ කොට කර තිබෙනවා.

පසු දින සැකකරු තවත් දෙදෙනකු සමඟ ලොරි රථයකින් පාසල අසලට පැමිණ පවසා ඇත්තේ "මම ඔයාට රු. 100/} ක චොක්‌ලට්‌ එකක්‌ ගෙනාවා. එය ගෙන යන්න පාසලෙන් එළියට එන්න" කියා දරුවාට පවසා තිබෙනවා.

පසුව සැකකරු ලොරි රථයෙන් බැස පාසල අසලට පැමිණියද ඒ අවස්ථාවේසී පොලිස්‌ නිලධාරීන් දැක සැකකරු පලා යැමට උත්සාහ කිරීමේදී පොලිස්‌ නිලධාරීන් ක්‌ෂණිකව ක්‍රියාත්මක වී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරු බෙලිඅත්ත අරන්වෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අවිවාහක අයෙක් වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කොට තිබෙන බවයි වාර්තා වුණේ.
gossip lanka