ජන­ප්‍රි­ය­ත්වය දෙවි­ය­න්ගෙන් ලැබුණු තෑග්ගක් - චාන්දනී

චාන්දනී මේ දවස්වල නිහඬවෙලාද?

එහෙම දෙයක් නෑ. සුපුරුදු විදිහට වැඩ කරගෙන යනවා.පසුගිය දවස්වල අසූ එකේ ගායනාකළ ගීතයක් නැවතත් නව සංගීතයෙන් ගායනාකළා. එම ගීතය ලියුවේ ග්‍රේෂන් ආනන්ද.'වැලි කතරේ දුහුවිල්ලේ'මේ දවස්වල යූ ටියුබ් සහ ෆේස් බුක් හරහා රසවිඳිය හැකියි. වෙනස්ම ආරකින් ලියැවුණු මේ ගීතයට මම ගොඩාක් ප්‍රියකරනවා. සඳ ඇවිල්ලා ගීත එකතුවෙන් පසුව ටික කාලයක් ගතවුණා මෙම ගීතය කරන්න. එයට අමතරව සී ඇන්ඩ් සී බෑන්ඩ් ‍එකත් සමග
කොළඹ අවට ප්‍රධාන පෙළේ හොටෙල් සහ ක්ලබ්වල ගීත ගායනාකරනවා.

ඔබ එදා වගේම අදත් ජනප්‍රියයි, කොහොමද ජනප්‍රියත්වය එකලෙස රඳවාතබා ගන්නෙ.

ඒකටනම් කියන්න තියෙන්නෙ එය මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු තෑග්ගක් කියා.එදා මා ගැයු මාල ගිරවුනේ ගීතයට රසිකයන් අදටත් පුදුම විදිහට ආදරෙයි. මම හැමදාම මියුසික් අහනවා. ගීත ගායනාකරනවා. පුහුණු වීම් කරන නිසා හඬෙහි වෙනසක් සිදුවෙලා නෑ.

ඔබගේ දියණිය ජැකලින් ඔබගේ පාරේ යමින් ගායනයට සම්බන්ධවෙලා.

ඔව්. ඇය කුඩා කාලයේ පටන්ම ගීත ගායනා කරනවා. ජැකලින් අවුරුදු දහසයේ පටන් මගේ බෑන්ඩ් එකේ සින්දු කියනවා. අවුරුදු අටේ, දහයේ වයසේ සිට ඇය ගායනයට නැඹුරු වුණා. දුව කුඩා කාලයේ මම හොටෙල් වල සින්ග් කරන්න යන්නේ ඇයවත් අරගෙන. එහෙම යද්දී ටික ටික ඇයත් සින්දු කියන් පටන් ගත්තා. අද වන විට කලාවට සම්බන්ධව සිටිනවා.

ඔබේ සමකාලීන ගායක ගායිකාවන්ගේ දරු දැරියන් බොහෝ පිරිසක් අදවන විට කලාවට සම්බන්ධයි. ඔබගේ දියණියත් එම පිරිස අතර සිටිනවාද?

මගේ දියණිය ජැකලින් මා සමග අපේ සංගීත කණ්ඩායමත් එක්ක ගීත ගායනයට යන නිසා ඇයට කලාවේ මිතුරන් සමග ඇසුරුකිරීමට යන්න වේලාවක් නැහැ. එළිමහන් ප්‍රසිද්ධ වේදිකාවට යනවාත් අඩුයි. පසුගිය කාලයේ නවක ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් එක්ව පැවැත්වූ ප්‍රසංගයකට සහභාගිවුණා. කෙහොමත් ජැකලින් ප්‍රසිද්ධිය පසුපස යන්න කැමැතිනැහැ.

ජැකලින්ට ගීත ගායනාකිරීමේ හැකියාවක් ඇතැයි සිතනවාද?

ඇයට හොඳ හඬක් තියෙනවා.බටහිර ආභාෂයට නැඹුරු ගීත ගායනයට තමයි ගොඩක්ම දක්ෂ.සිංහල සහ හින්දි ගීත ගායනා කරනවා.මම යන ප්‍රසංගවලට දුවව බලෙන්මයි එක්කගෙන යන්නේ. එයා හැම වෙලේම කියන්නෙ ජනප්‍රියත්වය නැතුවට කමක්නැහැ. සීමිත පිරිසක් දැනගත්තාම ඇති කියනවා.



gossip lanka