අනුශ්කා ශර්මා විරාත් කෝලි වෙනුවෙන් නිවාඩු

අනුශ්කා ශර්මා සහ විරාත් කෝලි මේ වන විට ඉන්දියාවේ සිටින ජනප්‍රියම යුවල කියල නම් කරොත් එකේ වැරැද්දක් නෑ . මේ දෙදෙනාම සුපිරි තරු නිසාවෙන් ඔවුන්ගේ කාර්ය බහුල බවත් ඉතා වැඩියි . ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් අනුශ්කා ශර්මා විරත් කොලි සමඟ කාලය ගත කරන්න බලා සිටින්නේ නොයිවසිල්ලෙන්.

අනුශ්කා මේ දිනවල රංගනයෙන් දායක වන Sui Dhaaga චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවුනේ ඉන්දියවේ
Chanderi ප්‍රදේශයේදී . එහි රූගත කිරීමට නියමිතව තිබූ සියලු දර්ශන අවසන් කරනවත් එක්කම Sui Dhaagaචිත්‍රපටයේ මීලඟ රූප ගත කිරීම් සිදුකරන්නේ දිල්ලි වල . එම නිසාවෙන් ඒ අතර තුර දවස් දෙකක විවේකයක් ගන්න අනුශ්කාට පුලුවන් වෙලා තියෙනවා.