අභිරහස් ලෙස මිය ගිය සුරූපී රංගන ශිල්පිනියගේ මළසිරුර දින කිහිපයකට පසුව මඩ වගුරක තිබියදී හමුවෙයි - Photos

අභිරහස් ලෙස අතුරුදන්වූ රංගන ශිල්පිනියකගේ මළසිරුරක් මඩ වගුරක තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ Adea shabani නමැති ඇමරිකාවේ සුරූපී රංගන ශිල්පිනියක්.
නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වූ ඇය පසුගියදා අතුරුදන්වූ අතර ඒ ගැන රටේ ලොකු කතාබහක් ඇතිවී තිබුණා.
ඇය මියයනවිට 25 වැනි වියේ පසුවූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවුණු ඇයගේ 33
හැවිරිදි පෙම්වතාද සියදිවි හානිකරගෙන මියගොස් තිබුණා.
පසුගිය 23 වැනිදා පෙම්වතිය සමග කැලිෆෝනියාවේ ඥාති නිවසකට ගොස් ඇති අතර එහිදී ඇතිවු ආරවුලක් නිසා මහමඟ ඇයව දමාගිය බවද වාර්තාවල දැක්වෙනවා.
කෙසේ වෙතත් මඩ වගුරක තිබියදී ඇගේ සිරුර සොයාගෙන තිබූ අතර හිසට සිදුවූ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.


gossip lanka