ද. අප්‍රිකාව එක්ක තිබ්බ ටෙස්ට් එක පැරදුන හැටි කෝලි කියයි

ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම වන ඉන්දියාව ද. අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ලකුණු 72 ක පරාජයක්‌ ලැබුවේ පිතිකරුවන්ගේ අතපසුවීම් වලින් බව විරාට්‌ කෝලි පවසයි.

අපේ පන්දු රැකීම හොඳ මට්‌ටමක තිබ්බා. පන්දු යෑවීමත් හොදයි. පළමු
ඉනිමේදී ද. අප්‍රිකාණුවන්ට ලකුණු 77 ක වාසියක්‌ ලැබීමත් අපේ පසුබෑමට හේතුවක්‌. කොහොම වුණත් පිතිකරුවන්ගේ අතපසුවීම් තමයි පරාජයට බලපෑවේ.

දකුණු අප්‍රිකාවට පැමිණියේ ධනාත්මක චින්තනයකින් බවත්, තරගාවලිය අවසන්වන විට එම ධනාත්මක චින්තනයෙන්ම අවසන් කිරීමට උත්සාහා දරණ බවත් කෝලි වැඩිදුරටත් පැවසීය.

මෙම තරගයේ අවසන් දිනයේදී දෙපිලේම කඩුලු 18 ක්‌ බිදවැටීම විශේෂත්වයක්‌ බවට පත්විය.

ඉන්දීය දෙවැනි ඉනිම විනාශ කරමින් ලකුණු 42 කට කඩුලු 6 ක්‌ සහ එම පළමු ඉනිමේ ලකුණු 33කට කඩුලු 3 ක්‌ බිඳහෙලූ වර්නන් පිලැන්ඩර් තරගයේ වීරයා බවට පත්විය.

gossip lanka