පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප‍්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ස්ථිර වශයෙන්ම ජය ගනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් තරග වදිනු ලබන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

එම මැතිවරණයේදී රට පුරා මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය
සභාවන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් දෙවන ස්ථාවයට පත් වන්නේ මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් යම් ප‍්‍රමාණයක් දිනා ගන්නා එක්සත් ජාතික පක්‍ෂය බවත් ඔහු සදහන් කරයි.

මෙම මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකාවෙන් එකම පළාත් පාලන ආයතනයක්වත් දිනා නොගන්නා බවද ඔහු වැඩි දුරටත් අනාවැකි පල කරයි.

gossip lanka