සියදිවි නසාගන්නා අකිගහරා කැළයට යන අය විඩීයෝ කළ පෝල් - (Video)

ලොව පුරා ආන්දෝලනයක් ඇති කරවන්නට සමත්වූ ලොගන් පෝල්ගේ a dead body in the 'suicide forest' of Japan නමැති වීඩියෝව මගින් ජපානයේ දිවිනසාගැනීම් සිදු කරන අය ගමන් කරන බව කියන මවුන්ට් ෆුජිහි අකිගහරා නමැති වනාන්තරය ගැන විස්තරයක් ඔහු ඉදිරිපත් කරද්දී ඔහු ගමන් කරන මාවතේ ගසක එල්ලී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්
වීඩියෝව මගින් ප්‍රසිද්ධ කර ඔහු එය දැක ඇතිවූ කම්පනය විස්තර කර තිබුණි.

මෙම මියගිය පුද්ගලයා තරුණ වියෙහි පසුවන්නෙකු වූ අතර ඔහුගේ ගමන් මල්ලද ගස ආසන්නයේ තිබුනි.

මෙවැනි මරණයක් වාර්තා කිරීම හිතකර නොවන බවට වීඩියෝව නිකුත් කිරීමෙන් පසු ලොව පුරා කතාබහක් ඇති විය.

යූ ටියුබ් ආචාර ධර්ම අනුවද ලොගන් පෝල් මෙවැනි දෙයක් ප්‍රචාරය කිරීම නීති විරෝධී බව පැවසිනි.

මෙම විවේචන වලින් අනතුරුව ලොගන් පෝල්ගේ වීඩියෝව ඔහු විසින්ම ඉවත් කරගෙන තිබුණ අතර ඒ පිළිබඳ සමාව ඉල්ලා වෙනත් වීඩියෝවක්ද ඔහු පළ කළේය.

gossip lanka