බාල වයස්‌කාර දරුවන්ට අතවර කර වීඩියෝව පිටරට යවන අමුතු ජාවාරම

බාල වයස්‌කාර සිසුන් දෙදෙනෙකුට බරපතළ ලිංගික අතවර කොට එය වීඩියෝ ගතකර විදෙස්‌ රටවලට යවන ලද සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම සිසුන් දෙදෙනා ගාල්ල නගරයේ විහාරස්‌ථානයක පවත්වාගෙන යනු ලබන උපකාරක පංතිවලට සහභාගිවන අතර එම උපකාරක පංතියේ උත්සවයකට මුදල් එකතු කිරීම සඳහා සකස්‌ කර තිබූ කොටු කපන කාඩ් පත් රැගෙන ගෙන් ගෙට යමින් සිටියදි එක්‌ සැකකරුවකු මුදල් දීමට යයි පවසා ඔහුගේ නිවසට කතාකර ඇත.

 ඒ අනුව එක්‌ සිසුවකු එම නිවසට ගිය අවස්‌ථාවේ සැකකරු ඔහුගේ තවත් මිතුරකුට දුරකථන ඇමතුමක්‌ ලබාදී ගෙන්වා ගෙන සිසුවාට බර පතළ ලිංගික අතවර කරමින් එය විඩියෝ ගකරන ලෙස මිතුරාට පවසා ඇත. ඒ අනුව මිතුරා එය විඩියෝ ගතකර ඇති අතර පසුව ඔහු ද එසේම ලංගික අතවර කර ඇත.

 එයට පසු තවත් දිනයක අනෙක්‌ සිසුවාට ද ඒ ආකාරයෙන්ම බරපතළ ලිංගික අතවර කොට විඩියෝ ගතකර එම දර්ශන විදේශ රටවලට යවා තිබේ. විදෙස්‌ රටකදි එම දර්ශන දුටු එක්‌ සිසුවකුගේ ඥාතියකු ඒ බව සිසුවාගේ දෙමවුපියන්ට දැනුම් දීමෙන් පසු සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.

 ඒ අනුව සැකකරුවන් දෙදෙනාද ජංගම දුරකථනයද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අධිකරණ නියෝග ලබාගෙන ජංගම දුරකථනයේ දර්ශන පිළිබඳ වාර්තාවක්‌ ලබාගැනීම සඳහා එය මොරටුව විශ්වවිද්‍යාලයට යෑවිමට ද නියමිතය.
gossip lanka