මිස් කෝල් එකෙන් ඇතිවුණු පෙම නිසා තරුණයකුට වෙච්ච මහා අපරාධය

පසුගිය 09 වනදා රාත්‍රියේ පෙම්වතියගේ නිවස සොයා ත්‍රීරෝද රථයකින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි තරුණයෙකුට නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

තුවාල වූ පෙම්වතා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු
නාපාවල ප්‍රදේශයේ සිට පාදුක්ක ප්‍රදේශයට පදිංචියට ගිය අයෙකු බවද පැවසෙනවා.

මග හැරුණු ජංගම දුරකථන ඇමතුමක් අනුව තරුණයා එම තරුණියව හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව පෙම්වතියගේ ඇරයුම් මත එම පෙම්වතා පාදුක්කේ සිට කුලියට ලබාගත් ත්‍රීරෝද රථයකින් අවිස්සාවේල්ලට පැමිණ තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෙම්වතිය දැනුම් දුන් ලිපිනය පරිදි ඇය සොයමින් අතුරු හරස් මාර්ගයක ගමන් කර ඇති බවත් එම අතුරු මාර්ගයේ පාළු ස්ථානයකදී එම තරුණ පෙම්වතා කපා කොටා ඔහුගේ දුරකථනයද පැහැරගෙන ගොස් ඇති බවත් සඳහන්.

මෙය පාළු ප්‍රදේශයකදී රාත්‍රියේ සිදුවූ සිදුවීමක් බැවින් ප්‍රදේශවාසීන් මේ සම්බන්ධ කිසිවක් නොදන්නා අතර සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.



gossip lanka