කැළණි ගඟට ජීවිතය බිලිදුන් කිරිබත්ගොඩ ව්‍යාපාරිකයාගේ නොදත් කතාව - (video)

පෙරේදා  (12) වැල්ලම්පිටිය - කොහිලවත්ත - ගංගාතිලක විහාරය ඉදිරිපිටින්  ගලා යන කැළණි ගඟට පැන පුද්ගලයෙකු දිවි නසා ගෙන තිබෙනවා.

මෙලෙස සිය දිවි නසාගත් පුද්ගලයා කිරිබත්ගොඩ සුදර්ශනාරාම පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43ක් වයසැති ව්‍යාපාරිකයෙකු බවයි අනාවරණ වී තිබෙන්නේ.


පොලීසිය සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයා සිය දිවි නසා ගැනීමට හේතුව මුදල් ගැටළුවක් බවට අනාවරණ වී ඇති බවයි.

ඔහු නිවසින් පිටව ඒමට පෙර ඒ බව සඳහන් ලිපියක් ද ලියා තබා ඇති බව සඳහන්.

මොහු පැමිණි ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොහිලවත්ත - ගංගාතිලක විහාරය අසළ නවතා තිබි දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.


gossip lanka