ටෙලි සිහින පෙන්වා මල් කැකුළක් තැලූ පාපතරයන්ට මහනුවරදී වුණු දේ

බාලවයස්‌කාර දැරියක්‌ රවටා අපයෝජනය කළ තරුණයින් දෙදෙනකු කොස්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව මහනුවර ප්‍රදේශයේ ස්‌ථානයක්‌ වටලා සැකකාර තරුණයින් දෙදෙනා හා දැරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කොස්‌ගම ප්‍රදේශයේ තරුණයකු
තමන්ට ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්‌ථාව සලසා දෙන බව පවසා අපයෝජනය කළ බවයි.

දැරිය මේ වන විට අවිස්‌සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර කොස්‌ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලබනවා.

gossip lanka