බිරිඳව බිය කිරීමට මිනී පෙට්‌ටියක්‌ ගෙදරට යැවු සැමියාට වුණු දේ

සිය බිරිඳ සමඟ බහින් බස්‌ වීමෙන් අනතුරුව කෙලින්ම කුලියාපිටිය නගරයේ මල්ශාලාවකට පැමිණි මැදි වයසේ සැමියෙකු සාමාන්‍ය තත්ත්වයේ මිනී පෙට්‌ටියක මිල ගණන් විමසා තිබෙනවා. එවිට
මල්ශාලාවේ කළමනාකරු ඔහුගෙන් විමසා ඇත්තේ මල් සැරසිලි - පිත්තල පහන් ආදියත් ඕනෑ කියායි.

"නෑ....නෑ මට ඕනෑ පෙට්‌ටිය හොඳට හදලා පොලිෂ් කරලා විතරයි....'යැයි අදාළ පුද්ගලයා පවසා තිබෙන අතර ඒ සදහා රුපියල් 25000ක මුදලක් වැයවන බවත් පෙට්ටියක් පෙන්වා එම පෙට්ටිය 18000ක් වන බවත් මල් ශාලාවේ කළමනාකරු පවසා තිබෙනවා.

ඔහු කිසිත් කතා නොකොට රුපියල් දසදහසක මුදලක්‌ කළමනාකරුට දී "මහත්තයාල එහෙම නම් හරියට 4 ට (ඔහු ගමක නමක්‌ කීය) අපේ ගෙදරට පෙට්‌ටිය එවන්න ඉතුරු මුදල ගෙදරදි දෙන්නම් යෑයි' පවසමින් ආපසු හැරී යන්න සුදානම් වෙලා. ඒත් සමගම කළමනාකරු  "මහත්තයා එහෙම හිස්‌ පෙට්‌ටි ගෙවල්වලට ගෙනියන්නෙ නෑ....මහත්තයා දිවිනසා ගන්නවත්ද යන්නෙ කියා විමසා තිබෙනවා.

"නෑ නෑ.... මැනේජර් මහත්තයෝ ගෑනිව බය කරන්න මගෙ කාමරේ තියා ගන්නයි ගෙනි යන්නෙ....කියමින් පිටව ගිහින්.

සවස 4 ට මියගිය කෙනෙක්‌ එම ප්‍රදේශයෙන් වාර්තා නොවූ අතර පෙට්‌ටියද ඒ වෙලාවට එම නිවසට ගෙන නොයාමට ඔවුන් තීරණය කර තිබෙන බව සදහන්.

පසුදා හොඳ සිහියෙන් මල්ශාලාවට පැමිණි පෙර පැමිණි පුද්ගලයා කළමනාකරුගෙන් රුපියල් දසදහස ඉල්ලාගෙන ගොස් තිබෙනවා.


gossip lanka