gossip lanka

සුපිරි අජන්ත නැවත ක්‍රියාත්මක වෙයි - කණ්ඩායම් 48ක් පරාජය කරමින් ලෝක ශූරතාවය මවුබිමට ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ වික්‍රමය .!

පරාජයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට අවසානයේ සතුටුදායක ජයග්‍රහනයකින් වසර අවසන් කිරීමට හැකිව තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වුණු ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරතාව දිනා ගැනීමට අජන්ත
මෙන්ඩිස්ගේ නායකත්වයෙන් සහභාහි වූ වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි.

වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාවේ රිබෙල්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදුණු අතර කාසියේ වාසිය දිනාගත් වෙනෝරා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී කඩුලු 7කට ලකුණු 201ක් රැස් කළේය. එහිදී ලක්ෂාන් එදිරිසිංහ වේගවත් පිති හරඹයක නියැළෙමින් පන්දු 32ක් තුළ ලකුණු 70ක් ලබාගත් අතර නායක අජන්ත මෙන්ඩිස් පන්දු 25කදී ලකුණු 41ක් රැස්කිරීමට සමත් විය. තරගාවලිය පුරාම පන්දුවෙන් මෙන්ම පිත්ත්න්ද දස්කම් දැක්වීමට වෙනෝරා ශ්‍රී ලංකා නායකයා සමත් වීම කැපි පෙනෙන සිදුවීමක් විය.

ලකුණු 202ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු රිබෙල්ස් කණ්ඩායමේ මුල් කඩුලු කිහිපයක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීමත් සමඟ රිබෙල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 116ක් පමණි. තරගාවලිය පුරාවටම ප්‍රතිවාදීන්ගේ මුල් පෙල බිදදමා ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කිරීමට අජන්ත මෙන්ඩිස් සමත් විය.

ලකුණු 85කින් අවසන් තරගය ජය ගනිමින් වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවට හිමිකම් කියූ අතර අවසන් පිතිකරුවාට තනිවම ලකුණු රැස්කිරීමට හැකි නව තරග රටාවකට තරග පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් 19ක් නියෝජනය කරමින් කණ්ඩායම් 48ක් සහභාගි වී තිබිණි. අජන්ත මෙන්ඩිස් නායකත්වය දැරු වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනාගත්තේ අපරාජිතව වීම විශේෂත්වයකි.


gossip lanka