gossip lanka

ක්ලියෝපැට්රා හොරෙන් කරපු වැඩක් නොදැනුවත්වම Youtube දාලා

පියුමි ශ්‍රිනායක ගිය දුරක් ?
මියුසික් වීඩියෝ එක හින්දා තමයි මේ වගේ දුරක් යන්න පාර කැපුවේ වෙන කවුරුත් නෙවෙයි ප්‍රේක්ෂකයො. මම අද මෙතැන ඉන්නේ ඒ අය නිසා. මම ජනතාව අතරට යන්න මගේ දක්ෂතාවත් එක්ක. සමහරු මට බැන්නා. සමහරු හොද කිව්වා. මං ගැන ගොඩක් අන්තර්ජාලයේ කතා කළා.
ඒ ගැන ඇත්තටම සතුටුයි.

ඉතින් කියන්නකෝ ක්ලියෝපැට්රා ආශාවරීට වැඩිය හිට්ලු නේද ?
ආශාවරිත් හොදයි. හැබැයි ක්ලියෝපැට්රා කිය්නනේ අද සමාජයේ ගැහැනු ළමයි මුහුණ දෙන කතාවක්. ඒ නිසාම තමයි මේක ගොඩක් හිට් වුණේ. ගොඩක් හොද නිර්මාණයක්. ඉතින් ඒ නිර්මාණය පිටුපස්සේ ඉරාජ් වගේම කයිසර් කයිසුත් ඉන්නවා.

බියුටිය නැතිව රගපාන්න ආවම තැනක් ලැබෙන්නෙ නෑ කියන්නේ ඇත්තද ?
එහෙම දෙයක් නෑ. අපේ රටේ වගේම ලෝකයේ අනෙක් රටවල්වල ලස්සන නැති අය රංගනයෙන් ඉහළටම ගිහින් තියෙනවා. ලස්සනට වඩා රගපෑමේදි අවශ්‍ය දක්ෂතාව කියල මම හිතනවා.

බොලිවුඩ්වල ග්ලැමර් එකට තැනක් ලැබෙන්නෙ නෑ කියන්නේ ඇත්තද ?
බොලිවුඩ් තරම් ලංකාව දියුණු නෑ. ඒ නිසා ග්ලැමර් පැත්තට අඩු නිර්මාණ තමයි ගොඩක් තියෙන්නේ. ඒත් දැන් දැන් අලුත් නිර්මාණ ග්ලැමර් පැත්තට ටිකක් බරයි. ඒක හොදයි ඉතින්.

ගොඩක් අය හිතනවා නිර්මාණවලදි ග්ලැමර් එක ඕනෑමයි කියලා. ඔයත් එහෙමද ?
නිර්මාණයේ විදිහට තමයි ගැල්මර් යොදනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන. හැම එකකටම ග්ලැමර් ඕන කියලා මම නම් හිතන්නේ නෑ. කතාව අනුව ඒක වෙනස් වෙනවා.

පහුගිය කාලේ ආලිංගන හැසිරීම් කළ වීඩියෝවල හිටියේ ඔයාගේ සැමියාත ඒ ඇක්ට් එක එයා පියුමි හැර වෙන කෙනෙක් එක්ක කළොත් කැමැති වෙනවාද ?
ඇත්තටම එයා එහෙම කරන්නෙ නෑ. මොකද මමත් ඒ වගේ ඇක්ට් එකක් කරේ එයා එක්ක විතරයි. අපි දෙන්නගෙම ප්‍රතිපත්තියක් විදියට අපි එහෙම ඇක්ට් වෙන අය එක්ක කරන්නෙ නෑ. රගපෑමේදී නිළියකු ලැබෙන ඕනෑම චරිතයක් රගපාන්න සිද්ධ වෙනවා. ඒත් මම මගේ හස්බන් හැර වෙන කෙනෙක් එක්ක ආලිංගන චරිත කරන්නෙ නෑ. එයත් එහෙමයි.

ඒත් සුවින් එක්ක හිඩ්න් වීඩියෝවක් තිබ්බේ ?
ආ ඒක මං දන්නෙ නැතුව කවුද Youtube දාලා සිංදුවෙම කොටසක්. මං ඕකට සම්බන්ධ නෑ.

ටෙලිවලටත් චාන්ස් ලැබුණා නේද ?
ඔව්. දැනට 3ක් භාර අරන් තියෙනවා. දෙකක් කළා. එකක් මේ දවස්වල මම රගපාන නාට්‍යයක Trailers යනවා. ඒ අතරින් “ඔන්න ඔහේ මෙන්න මෙහේ” නාට්‍යයට මම ගොඩක් කැමැතියි. ඔයාලා ඒක බලලම තීරණය කරන්නකො කොහොමද කියලා.

ඒත් ටෙලිවල කැරැක්ටර්ස් දෙනකොට පොෂ් චරිතම ලැබෙන්නේ ඇයි ?
ඒත් ඉතින් මම දන්නේ නෑ. ලංකාවේ මුලින් අපි පොෂ් චරිත රගපෑවොත් ලැබෙන්නේ ඒ වගේ චරිතමයි.

ඔහොම ගියොත් සිනමාවටත් එයිද ?
සිනමාවට එන්න අදහසක් තියෙනවා. ඒත් ලංකාවේ චිත්‍රපටවල රගපානවට වඩා ටෙලිනාට්‍යවල රගපෑවොත් ප්‍රේක්ෂකයා අතරට යන්න පුළුවන්. ෆිල්ම් එකක් රගපාලා අපි අවුරුද්දක් විතර බලා ඉන්න ඕන තව එකක් ලැබෙනකල්. ටෙලිනාට්‍යවලට තමයි ම ගොඩක් කැමැති. ෆිල්ම් එකක් ලැබුණොත් මම කරනවා.

gossip lanka