පිළිකාවට බෙහෙතක් හොයාගෙන ලෝකයම හොල්ලපු ලංකාවේ කෙල්ල මුල්ම වරට කියන කතාව

පිළිකාවක ඇති ලොකුම භයානකත්ව වන්නේ පැතිරීමය. පිළිකාවලට කෙරෙන ප්‍රතිකාර වලිනුත් අලුත් අලුත් බෙහෙත් ගැන කෙරෙන පර්යේෂණවලිනුත් වැඩි අවධානයක් යොමු කරන්නේ පිළිකා සෛල පැතිරීම වලක්වා ගැනීමටය. නැව ආචාර්ය උපාධි ලබමින් තම ක්‍ෂේත්‍රයේ පරතෙරට යන්නට උතසහ කරන අංකුර පර්යේෂකයන්ටත් මේ අභියෝගය දෙන්නට ඔවුන්ගේ ඇඳුරෝ පසුබට නොවෙති.

ලෝකයට වැඩක් වන අලුත් අලුත් පර්යේෂණ රැසක තෝතැන්නක් වැනි
වූ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය උපාධියකට ලංකාවෙන් ගිය හසිනි ජයතිලකටද ඇයගේ ඇදුරාගෙන් ලැබුණේ එවැනි අභියෝගයකි. ඒ අභියෝගය සිය ගුණයක් ඉහළින් වැළඳ ගත්තී හසිනිය.

සාමාන්‍යයෙන් පිළිකා සෛල පුද්ගලයෙකු මරණය කරා ගෙන යන ලොකුම හේතුව වන්නේ එය එක් තැනක සිට තවත් තැනකට පැතිර ගොස් වර්ධනය වී ශරීරයට හානි කිරීමය. ඇතැම් විට පිළිකා සෛල හඳුනා ගත් පසුව එය සැත්කමකින් හෝ වෙනත් මාර්ගයකින් ඉවත් කළ පසු දීර්ඝ කාලීනව විකිරණ ප්‍රතිකාර හෝ ඖෂද එන්නත් ලබා දෙන්නේ මේ පැතිරීම පාලනය කිරීමට හෝ පැතිර ඇති පිළිකා සෛල විනාශ කිරීමටය. ඒ අනුව බලන කළ පිළිකාවලට ප්‍රතිකාර සෙවීමේ කරණයේ ලොකුම අභියෝගයක් වන්නේ එය පැතිරීම පාලනය කිරීමය. ඒ සඳහා විසඳුම් සෙවීමය.

සෙසු පර්යේෂකයන් සේම හසිනිද තම සරසවියේ විද්‍යාගාරයට වැදී අධ්‍යනය කළේ මෙකී පිළිකා සෛලවල හැසිරීම පිලිබඳවය. දිව රෑ නොබලා තම පර්යේෂණ අරමුණ කෙරේ නෙත් සිත් යොමා සිටි හසිනි ජයතිලකට මහ අනාවරණයක් කර ගත හැකි විය. ඒ පිළිකා සෛල පැතිරීමට බලපාන හේතුව සොයාගැනීමත්, එම හේතුව නසන ආකාරයත් පාදා ගැනීමය. මේ පර්යේෂණ වෛද්‍යවිද්‍යා ලෝකය මෙතෙක් නොදැන සිටි පිළිකා වෛද්‍ය ප්‍රතිකාරයේ තීරණාත්මක සොයා ගැනීමකි.

මේ සොයා ගැනීම පිලිබඳ පර්යේෂණ වාර්තාව ලෝකප්‍රකට ඩ නේචර් සඟරාවේ පළවීමෙන් පසු ඇය එක රැයින් වෛද්‍ය විද්‍යා ලෝකයේ තරුවක් බවට පත්විණි. අමෙරිකානු මාධ්‍ය තුළ ඇයට දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබිණි. මේ තරුණ විද්‍යාඥවරිය ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ සිට සම්බන්ධ කර ගැනීමට ජනයුගයට ගැකි විය.

අප ඇගෙන් මුලින්ම ඇසුවේ ඇය විසින් කරන ලද මේ වෛද්‍ය විද්‍යා ලෝකය හෙල්ලූ පර්යේෂණය ගැනය.

“පිළිකා සෛලවල පවතින ලොකුම ප්‍රශ්නය ඒවා එක් තැනක හටගෙන ටහ්වත් තැන්වලට පැතිර යාම. පිළිකා සෛල මෙහෙම පැතිරෙන්නේ ඇයි එය වලක්වා ගන්නේ කොහොමද කියන එක ගැන ලෝකයේ බොහොමයක් පර්යේෂණ සිදුවෙනවා. අණුක ජීව විද්‍යා පර්යේෂකයෙකු ලෙස මටත් එවැනි පර්යේෂණයකට මාර්ගය පැදුනා. ඒ මගේ ආචාර්ය උපාධි නිබන්ධන පර්යේෂණය ලෙස. එහිදී මාත් මෙම පිළිකා සෛලවල හැසිරීම ත්‍රිමාණව සියුම් නිරීක්ෂණයන්ට නතු කළා.

එහිදී පෙනී ගිය දෙයක් තමයි, පිළිකා සෛල එක් තැනක වැඩෙද්දී සෛල ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න හට ගන්නා තෙරපුම තුළ එකිනෙක අතර යම් පණිවුඩ හුවමාරු ක්‍රමයක් ගොඩ නඟා ගන්නවා. ඒ සඳහා උපයෝගී කර ගන්නේ ඉන්ටලියුකින් 6 සහ ඉන්ටලියුකින් 8 කියන අණුක වර්ග. මෙම අණුවලින් ලැබෙන පණිවුඩය අනුව එක් තැනක තිබෙන පිළිකා සෛල වැඩියෙන් වර්ධනය වුණාම පවතින ඉඩකඩ ප්‍රශ්නය විසඳා ගන්න පිළිකා සෛල කොටසක් එතැනින් ඉවත්ව වේගයෙන් ශරීරයේ තවත් තැනකට ගොස් පැලපදියම් වෙනවා. තැන්පත් වුණු තැන ආපසු පිළිකාවක් හැදෙනවා. අපට මුලින් කී පිළිකා සෛල අතර පණිවුඩ යවන අනූ වර්ගය මට්ටු කරන්න පුළුවන් නම් එයින් පිළිකා පැතිරීමේ වේගය විශාල ලෙස අඩුකරගන්න පුළුවන්. ඇත්තටම මගේ පර්යේෂණයේදී මේ පිළිකා සෛල අනූ මඟින් පණිවුඩ යවන ආකාරය මෙන්ම එය නවත්වන ආකාරයත් හඳුනා ගන්න පුළුවන් වුණා. මෙය වෛද්‍ය විද්‍යාවට අලුත්ම සොයාගැනීමක්. එය ඊට වඩා වැදගත් වන්නේ දැනට ලෝකයේ මේ වගේ පිළිකා පැතිරීම නිශ්චිතවම වළක්වන කිසිඳු ඖෂදයක් නොමැති වීම. මට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඖෂදයක් හදන්න මඟ පෙන්වීමක් කළ හැකි වුණා. ඒ ආචාර්ය හසිනි ජයතිලකගේ පිළිතුරය.

ජෝන් හොප්කින්ස් සරසවියේ අණුක ජීව විද්‍යා මහාචාර්යවරයෙකු වන ඩෙනිස් වර්ට්ස්ගේ මඟ පෙන්වීම යටතේ මෙම පර්යේෂණය සිදුව ඇති අතර එයද නේචර් වෙබ් අඩවියේ පළ වූ කාලයේදී සතියක් තුළ වැඩිම ප්‍රතිචාරයක් ලද දෙවන පර්යේෂණ වාර්තාව විය. ඒ නිසාම ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ මේ ගැන වැඩිවැඩියෙන් කතා බහ කරන්නට වූහ. මේ සොයා ගැනීම ගැන මහත් පරසිද්ධියක් දුන් ඇමරිකාවේ ප්‍රබල මාධ්‍ය හසිනිගේ නැව සොයා ගැනීමෙන් පිළිකා සඳහා ඇති බටහිට වෙදකමේ ප්‍රතිකාර අලුත් මඟකට යොමු කිරීමට හේතුවනු ඇති බව පෙන්විය.

ලංකාවේ උපන් හසිනි හැදුණේ වැඩුණේ කොළඹය. පියා සරත් ජයතිලක මහතාය. ඔහු ඉංජිනේරුවෙකි. මව ශිරන්ති ජයතිලක මහත්මිය. ඇය නීතිඥවරියකි. කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු හසිනි ඉන් පසුව කොළඹ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ගොස් එහිදී ලන්ඩන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සමත් වී ඇමෙරිකාවට ගොස් ඇත. 2009 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිට වූ ඇය තම මූලික උපාධියෙන් පසු අණුක ජීව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ඇත. මෙම පර්යේෂණයට මඟ පැදුවේ ඇගේ මෙම ආචාර්ය උපාධියයි. ආචාර්ය හසිනි ජයතිලක තම තීරණාත්මක පර්යේෂණය මගින් පිළිකා ප්‍රතිකාර සඳහා සිදු කළ හැකි බලපෑම ගැන තවදුරටත් විස්තර කළේ මෙසේය.

” සාමාන්‍යයෙන් පිළිකා සෛල ලෙසින් අපි හඳුන්වන්නේ ශරීරයේ සාමාන්‍යයෙන් පවතින සෛලවලට වැඩ වෙනස් එසේ නැතිනම් සාමාන්‍ය සෛලවල කාර්ය අවුල් කරවන අසාමාන්‍ය සෛල වර්ධනයකටය. මෙලෙස සෛල වර්ධනය වීම ගැටිත්තක් එනම් ටියුමර් එකක් ලෙසින් අපි හඳුන්වනවා. මෙවැනි ටියුමර්වල සෛල අධික වේගයෙන් වර්ධනය වීමේදී තමයි මා ඉහත සඳහන් කළ සෛලවල ඇති අණු අටහ්ර පණිවුඩ හුවමාරුවක් සිදු වී සෛල එතැනින් වෙන් වී ශරීරයේ වෙනත් තැනක තැන්පත් වී වැඩෙන්නේ. මෙම ක්‍රියාවලිය මෙටාස්ටැටිස් ක්‍රියාවලිය ලෙස වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙනවා. මෙම ක්‍රියාවලිය නැවැත්විය හැකි නම් අපට පිළිකාවලින් සිදුවන මරණවලින් සියයට 90 ක් මැ නැවැත්විය හැකියි.

“ඔබේ පර්යේෂණයෙන් යම් සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගැනීමට හැකිව තිබෙනවද ?

“ඔව්. අප පර්යේෂණාගාර මට්ටමින් අත්හදා බැලීම් සාර්ථකව සිදු කර තිබෙනවා. එහිදී භාවිතා වන්නේ එක ඖෂධයක් නොව ඖෂධ වර්ග කිහිපයක මිශ්‍රණයක්. එයින් මෙම පිළිකා සෛල බෙදී වෙන්වී පැතිරීමට බලපාන පණිවුඩ හුමවාරුව අඩපණ කරන්න පුළුවන්.

යම් පුද්ගලයෙකුට පිළිකාවක් ඇති බවට හඳුනාගත් වහාම මෙම ඖෂධ සංයෝගය ලබා දුන්නොත් පිළිකා සෛල පැතිරීම වලක්වා ගන්න පුළුවන්. මේ පැතිරීම පාලනය කලත් සමහර විට පිළිකා සෛල සහිත ටියුමර් එකක් හෝ පිළිකාවක් හට ගැනීම දැනට පාලනය කළ නොහැකියි. අපේ ඊළඟ උත්සාහය මෙවැනි පිළිකා සෛල වර්ධනය වූ තැනම ඒවා විනාශ කළ හැකි ඖෂධයකුත් ඉහත අප සොයා ගත් ඖෂධ සංයෝගයට ඇතුළු කිරීම. අපේ ඊළඟ සිහිනය එය. ඇය පවසන්නීය.

දැන් ඇය ජෝන් හොප්කින්ස් සරසවියේ රසායන සහ අණුක ජීව විද්‍යා අංශයේ සිට දිවා රෑ නොබලා කාලය කැප කරන්නේ ඒ වෙනුවෙනි.

මෙවැනි සුවිශේෂී සොයාගැනීමක් සිදු කළ ආචාර්ය හසිනි ජයතිලකගෙන් මේ සඳහා ඇය කළ කැපවීම පිළිබඳවද අප ඇසුවේ ඇගේ චරිතය මෙරට නව යෞවන යෞවනියන්ටද ආදර්ශයක් විය හැකි නිසාය.

“කුඩා කාලයේ ඉදන්ම වෘත්තියමය පසුබිමක හිටිය මගේ අම්මයි තාත්තයි නිතරම මට ඉගෙනීමේ අගය වටහා දුන්නා. මම කුඩා කාලේදී නම් මේ ගැන ඒ තරම් තැකීමක් කළේ නෑ. නමුත් පසුව මම ඉගෙනීමේ වටිනාකම අවබෝධ කර ගත්තා. අපට අප යන ගමන සාර්ථක වන්නටනම් කරන කාර්ය වෙනුවෙන් කැප කිරීමක් කළ යුතුයි. දැන් මට මේ පර්යේෂණ සඳහා වෙලාවක් අවේලාවක් නැති තරම්. එවැනි කැප කිරීමක් නැතිව අපට සාර්ථක වන්නට බෑ. මම උත්සහ කරන්නේ මම කරන කාර්ය හැකි තරම් විශිෂ්ටව ඉටු කිරීමට. එසේ පවසන ඇය වරින් වන ශ්‍රී ලංකාවේ තම මාපිය හිතවතුන් බැලීමට පැමිණියද නිත්‍ය පදිංචියට පැමිණීම ගැන තවම තිරණයක් ගෙන නැති බවද පැවසුවාය.


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka