"අනතුරක් නිසා අතක් නෑ, අත හදාගන්න සල්ලි තිබිලත් නෑ" තනි අතින් ගොවිතැන් කරමින් ජීවිතය දිනන්න හැදු සූරීයවැව දිරිය තරුණයාට වල් අලි හරස් වූ හැටි!

සුලු අතපසුවීම් හමුවේද ජීවිතයෙන් පලා යන පිරිස් පිළිබද පුවත් සමාජ‍යේ අතිශය සුලභ වී තිබෙනවා. එවැනි පසුබිමක අඩුපාඩු සහ දුර්වලතා තිබුනද ජීවිතය අත්නොහැර ජිවීතය ජය ගැනීමට උපරිම උත්සාහ දරනා දිරිය තරුණයෙක් පිළිබද පුවතක් වාර්තා වෙනවා.

ඇඹිලිපිටිය සූරියවැව ප්‍රදේශයේ ජීවත්වන පී.ඒ.කේ එදිරිසිංහ වයස අවුරුදු 21ක තරුණයෙක්. ඔහුට වයස අවුරුදු 16දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ඔහුගේ
අත අබාධයට ලක්වෙනවා. ඔහුට වෛද්‍ය උපදෙස් ලෙස ලැබෙන්නේ බර වැඩ නොකර සිටින ලෙසටයි. ශල්‍යකර්මයකින් ඔහුගේ ආබාධිත අත සුවපත් කර ගැනීමට හැකි යැයි වෛද්‍යවරුන් කීවද ඔහු අය මගහැර තිබුනේ මුදල් හිඟකම නිසා.

නමුත් ජීවිත සටනින් පලා නොයන එදිරිසිංහ එතැන් පටන් ගොවිතැනට යොමු වන්නේ සිය පවුලේ වගකීම් දෙවුරට ගනිමින්. කෙසේ  වෙතත් කෙසෙල් වගාවට යොමුවන ඔහුගේ වගාව වන අලි විසින් විනාශ කර තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවන්හී හුවමාරූ වෙමින් තිබෙනවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,