පුටින්ගේ අනාවැකිය සඵල වුණ හැටි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සත්කාරක රුසියාව සමත්විය. ඒ ප්‍රභල ස්පාඤ්ඤ කණ්ඩායම 4-3ක් ලෙස දඬුවම් පහරින් පරාජයට පත්කරමිනි. ඒ අනුව ‍මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම් තුනක්ම තරගාවලියෙන් ඉවත්වී තිබේ. ඒ ස්පාඤ්ඤය, පෘතුගාලය හා ආජන්ටිනාවයි.

සත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ
තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි.

එසේ වුවත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.

තරගය ආරම්භ වීමට මත්තෙන් ජනපතිවරයා රුසියානු කණ්ඩායමට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සුබ පැතුම් එක්කර ඇති අතර කෙසේ වෙතත් ඔහු තරගය නැරඹීම සඳහා එක්ව නොසිටියේය. අර්ධ අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා ජනපතිවරයා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.