නාරාහේන්පිටදී මෝටර් රථයක පෙම් සුව විඳිමින් සිටි පෙම්වතියට හදි කරන්න හැදූ පොලිසියේ දෙදෙනෙකුට වැඩ වරදී

නාරාහේන්පිට පෞද්ගිලක රෝහලක රථ ගාලක් තුළදී පෙම්වතුන් යුවළකට තර්ජනය කර කප්පම් ලබාගෙන පෙම්වතිය ස්පර්ශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පෙරේදා (12) දින නාරාහේනපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට
පොලිසියේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක්.

 පසුගිය (11) රාත්‍රියේ නාරාහේන්පිට පෞද්ගිලක රෝහලක රථ ගාලක් තුළ එහි සේවය කරන උසස් නිළධාරියෙකු සිය පෙම්වතිය සමඟ පෙම් සුව විඳිමන් සිට තිබේ.

ඒ අවස්ථාවේ ඒ අසළින් ගිය පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් මේ බව දැක එම යුවළ ළඟට ගොස් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභනව හැසිරීම වරදක් බව පවසා බියගන්වා ඇත.

පසුව ඒ සඳහා නඩු නොදැමීමට නම් රුපියල් 5000ක් ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම පෙම්වතා රථගාලට නුදුරින් තිබූ ඒ ටී එම් යන්ත්‍රණයක් වෙත මුදල් ලබාගැනීමට ගොස් තිබේ.

ඒ අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඇයව ස්පර්ෂ කර ඇත. පෙම්වතා පැමිණ පොලිසියට මුදල් ලබා දීමෙන් පසුව පිටත්ව ගොස් ඇති අතර එහිදී පෙම්වතිය පෙම්වතාට පවසා ඇත්තේ ඔවුන් තමන්ව ස්පර්ශ කළ බවයි.

එම ප්‍රකාශයත් සමඟ පෙම්වතා පෙම්වතියද කැටුව නාරාහෙන්පිට පොලිස් ස්ථානයට ගොස් ඒ සම්බන්ධව පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අදාලව පෙරේදා (12) දින පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.