නියමු මැදිරියේ වීදුරුව බිඳී යෑමෙන් පසු නිරුපද්‍රිතව චීන යානාව ගොඩබැස්‌ස වූ නියමුවාට ලැබුණු තෑග්ග

නියමු මැදිරියේ වීදුරුව කැඩී උප නියමුවා අඩක්‌ එළියට පැමිණීමේ බියකරු සිද්ධියකට මුහුණ පෑ චීන නියමුවෙක්‌ පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු තම යානාව නිරුපද්‍රිතව ගොඩ බැස්‌වීමේ වීර ක්‍රියාව සිදු කර තිබෙන අතර ඒ සඳහා ඩොලර් 776912 ක ත්‍යාග මුදලක්‌ හිමිකර ගැනීමේ සිද්ධියක්‌ වාර්තා වෙනවා.

මේ වීර ක්‍රියාව කර ඇත්තේ ලියු චුන්ජියාන් (Liu Chuanjian) නැමැති නියමුවායි.

අඩි 32000 ක්‌ ඉහළ අහසේදී ඔහු මේ බිහිසුණු
සිද්ධියට මුහුණ පා තිබෙන අතර මගීන් 119 ක්‌ රැගත් මෙම ඩොමින් යානාවේ නියමු මැදිරියේ වීදුරුව කැඩී එකවරම උප නියමුවාගේ බඳ කොටස එළියට පැමිණ තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එහෙත් උප නියමුවා බඳ පටිය පැළඳවීම නිසා ඔහුගේ දිවි ගැළවී තිබෙනවා. මේ යානාව ටිබැටයේ ලාසා නුවර සිට ක්‍රියාත්මක වී තිබෙන බවත් සදහන්.